නැවතත් වර්තමානයේ...
#ජේනුක
ඔහුගේ රුව කොරිඩෝවේ අවසාන වනවාත් සමඟම මා අනුමාන කල පරිද්දෙන්ම ඔහු ආපසු හැරී බලද්දී ඒ සිහින් තියුනු දෙනෙත් මෙගේ නෙත් හා යා වී ගියේය. මගේ හුස්ම මදකට ඉහළට නැඟුනා පමණි.
' උඹ ගැන මට හරි ආඩම්බරයි කොල්ලෝ.. '
රශිඳු ගෝකුල හෙවත් පච්චීගේ හඬ නැවත නැවතත් මා හදවත මැද සූරා දමන තරම් ඔහු නොදන්නේද? ඒ වචනවල ඇති විශ්වාසය ; බැඳීමට වඩා මට දැන් දැනෙන්නේ වේදනාවකි.
ඇත්තය..
ඔහු විසින් ප්‍රසිද්ධියේ මා තරම් අගයකල දරුවෙකු ගෝකුල නිවසේ නොවූ තරමකි. හිරුකගේ හිතුවක්කාර වැඩකදී , සඳුකගේ මෝඩ වැඩකදී හෝ වෙනත් අයෙකුගේ අතින් ඔහු රිදවුනු විටදී ව්‍යංගාර්ථයෙන් හෝ මා ඔවුන්ට දක්වා සිටියේය. තරුකිගේ නිල නොලත් ආරක්ෂකයා මම වූයෙමි.දෙමවුපියන් විසින් ඇගයීමට ලක්වීම තරම් දරුවෙකු විසින් සිය ජීවිතයේදී ලබන සතුටක් තිබේද?
නමුත් මට දැන් ඉන් ගැලවෙන්නට උවමනාය. ඔහුගේ ඒ පැසසුම් මට යදම් සේ දැනෙන්නට පටන්ගෙනය. මා අතින් ඔහුගේ සිත රිදවීමට නියමිතය. ඔහුගේ ප්‍රියතම දරුවා , මා විසින් ඔහුගෙන් උදුරාගෙන යාමට නියමිතය. මට එය වචනයට හරවා ගන්නට ඔහු ඉඩක් නොදුන්නේ ඇයි?
'.. උඹ මේ ගමන ආව එක ගැන අම්මිත් මාත් තරම්ම සතුටු වෙනවා. මොන දේ උනත් උඹේ අතින් මගේ හිත රිදෙන දෙයක් වෙන්නෙ නැති බව මට විශ්වාසයි'
ඒ වැකිවල ඇති බර ඊයම් බරුවක් සේ මගේ හදවත තුල ගැඹුරු බරක් සමඟින් තැන්පත් වෙද්දී පවා මම උත්සහ කලෙමි. මගේ තරඟ අවසානයේදී ඔවුන්ව මඟහැර ආ බව නොදැනුනා සේ ඔහු හැසිරුනත්, ඔහුගේ සිතේ ගුප්ත බව නොදැන සිටින්නට තරම් මා ලාමක නොවේ.
'.. තරූයි නේතනුයි එළියට ගියා අද. හෙට මැච් එක බලන්න එන එකක් නෑ. '
ඔහු සිය පළමු පිහිපාර මා වෙත එල්ල කරමින් පැවසුවේ මගේ දෑස් මඟහරිමිනි.'..නේතන්... අම්මිගේ ෆියුනරල් ආපු දවසෙ උඹට හම්බෙලා තියෙනවානෙ. උගේ අම්මා ලංකාවෙ. හොඳට සිංහල කතා කරනවා. දැනටමත් සෑහෙන්න ස්ටේබල් කොල්ලෙක්.. '
ඔහු තවදුරටත් ඒ පිහි පහරේ ගැඹුර පිරික්සා බලමින් සිටියදී මම මුලින්ම පැවසිය යුත්ත තෝරමින් සිටියෙමි.
VOCÊ ESTÁ LENDO
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...