41 - මගේ නරක රාත්‍රීන් හා සටන් කරන්නට හැකිය

69 3 0
                                    

ජේනුක මදක් විමතියෙන් මෙන් ඈස නොදල්වා බලා සිටියේය. අනතුරුව තරුණියක් ඉදිරියේ දුමිවැටිය ඉරීම නොහොබිනා බව දැනගෙන වුවත් හිතාමතාම තව උගුරක් ඇද්දේ තමා වෙත ආරාධනාත්මක ලෙස බලා සිටින ඈ ගැන නොතකමිනි.

" සොරි.. මම නටන්න දන්නෙ නෑ.. "

ගල් ගසනවාක් වැනි ඒ කර්කශ වචන වලට තරුණිය නොසැලී දඟකාර සිනාවක් පෑවාය.

" ඉතින් මම කියලා දෙන්නම්.. "
නොපහන් බැල්මක් ඒ සමඟින් ඈ හරහා එක වරක් ගමන් කරද්දී තරුණිය පියවරක් ඉදිරියට තැබුවාය.

" leave me alone ( මට පාඩුවේ ඉන්ඩ දෙන්න)"

මුවෙන් විදි දුම් පහර ඈ මුහුණ මතම අතහැරි ජේනුක වහා මත්පැන් නිකුත් කරනා කොටසට ඇවිද ගියේ ඈ එහි නොඑන බව විශ්වාස නිසාමය.

පසුබිමෙන් වාදනය වන ගීතයේ පදවැල් හදවත මතින් කටු අත්තක් මෙන් සූරාගෙන වැටෙද්දී ඔහු මදක් වැඩියෙන් සැරට බීමක් සාදවා ගත්තේය.

'We at a party we don't wanna be at
Tryna talk, but we can't hear ourselves
Read your lips, I'd rather kiss 'em right back
With all these people all around
I'm crippled with anxiety

But I'm told it's where I'm supposed to be
You know what? It's kinda crazy 'cause I really don't mind
When you make it better like that

Don't think we fit in at this party
Everyone's got so much to say, oh yeah, yeah
When we walked in, I said I'm sorry, mm
But now I think that we should stay'

මීට වසර ගණනාවකට පෙර නවසීලන්තයේ පාළු වීදියක ජංගම දුරකතනයකින් වාදනය වූ ඒ ගීතයට අනුව පය තබමින් , තමා සිටි ඒ අසීරු මානසික අවස්ථාව ඉහිල් කිරීමට උත්සහ කළ, කැරළි කොණ්ඩයක් ඇති බෝනික්කි කෙල්ලක් වෙනුවට, ඒ අයුරින්ම අතපය විසිකරමින් නර්තනයේ යෙදෙන තරුණිය දෙස ජේනුක හැඟීම් විරහිතව බලාගෙන සිටියේය.

ජීවිත මාලිමාව එකවරම දිශාවක් දැනගත නොහැකිව , මෙතෙක් ගමන් කරමින් උන් මුහුද මධ්‍යයේදී රුවල් ඉරී ගිය ඒ මොහොත ජේනුක දෑස් වසාගෙන සිහි කලේය.

' නිර් කියන්නෙ මගේ අම්මා නෙවෙයි තාරු! මම... මම එයාගෙ පුතා නෙවෙයි!'

බොහෝ වරක් ඇවිටිලි කරමින් තමාගේ කම්පනයට හේතුව අසා දැනගත් තරුකි ඔහුගේ ඒ බිඳුනු හඬ සමඟ එක සැනෙකින් තමාගේ හිස ඇගේ ලය මත තබා තදින් වැළඳගත්තාය.

ඔබ දන්නව නම්Dove le storie prendono vita. Scoprilo ora