#තරුකි
මේස කැලැන්ඩරයේ අදාළ දිනය ලකුණු කල මම නොසන්සුන් බවින් නියපොතු සපන්නට වීමි. සෑම මිනිත්තු පහකට වරක්ම දුරකතනය එබෙමින් අළුත් පණිවිඩ ඇතිදැයි පිරික්සන මා දෙතුන් වරක්ම මගේ පරීක්ෂකවරයාගේ උකුසු ඇසට හසුවූ නිසා මම මටම මුමුණමින් සන්සුන් වන්නට උත්සහ කරමින් උන්නෙමි.
' නෑ තරූ.. වෙන්න බෑනෙ.. බයවෙන්නෙ නැතුව ටිකක් ඉවසපං.. JK එක්ක ටිකක් කතා කරනකල් ඉම්මු'
මම මටම දෙතුන් වරක් එසේ කියමින් මගේ සිත අතගා ගත්තෙමි. නමුත් මම සිටියේ එතරම් හොඳ සිහියකින් නොවේ.
ඊටත් මට නැඟෙන්නේ කෝපයකි. දුරදිග ගිය ආදර ගණුදෙනුවකින් පසුව ගතවන පළමු දිනයේදී මට ඔහුව 'මිස්' වන තරම් ඔහුට මා 'මිස්' නොවීම , මේ නිහඬ දුරකතනය කියන කතාව නොවේද? එලෙස නොවේද සෑම ආදර කතාවකම වන්නේ? එකිනෙකා නොමැති දුක , පාළුවට නොනවත්වා කෙටි පණිවිඩ හෝ ඇමතුම් දීම සාමාන්ය නොවේද? ජේනුක මිහිඳුකුලසූරිය සමඟ මට ඇත්තේ එතරම්ම අසාමාන්ය සබඳතාවයක්ද? ආයෙත් පරණ පුරුදු ලෙසටම ජේනුක අතුරුදහන් වන්නේද? හැඬෙන්නේ නැතත් හොම්බට අනින්නට සිතෙන්නේ ඒවා සිතෙන විටය.
අද දිනට නියමිත ප්රායෝගික පුහුණුවීම් අවසානයේ පරීක්ෂකවරයා එකින් එක පැමිණ වෙන වෙනම අප විසින් නිමකල ආහාරවල අවසන් ලකුනු ලබාදෙද්දී හොරෙන් තබාගෙන උන් දුරකතන තිරය ආලෝකමත් වනු පෙනුනු සැනින් මගේ දෙනෙත් රැඳුනේ ඒ මතය.
" හ්ම්ම්.. අවධානය නම් හොඳටම මදි.. මීට වඩා පිලිවෙලට පිලිගන්වන්න ඕනෙ.. ( මා දෙස තරවටු ලෙස බලා) තේරුනා නේද මිස් ටරුඛී..?"
සිංගප්පූරුවේ කෝකියෙකු වූ ඔහුට මගේ නම පැවසීම අපහසු නිසා ඔහු කියූ අයුරට මට සිනා නැඟුනි. මගේ සගයා මට වැලමිටෙන් ඇන්නේය.
".. හිනා වෙවී හිටියාම හරි..! ටරුඛී.. මේ දේශනය අවසානයේ මගේ කාමරයට පොඩ්ඩක් එන්න"
මම කරකුට්ටන් වී ගියේ , එතරම් සුහද නොවුනු ඔහුට සිනාවෙන්නට ගොස් මම හොඳම ලෙසින් ඇනගත්තා කියා සිතා බියක් දැනීමෙනි. මගේ ඩිප්ලෝමාව ආහාර සැකසුම් සහ කෙටිකෑම පිලියෙලකිරීම වූ බැවින් ඔහු වන් ගුරුවරයෙකුගේ ප්රතිචාර පසෙක තැබිය හැකි නොවේ. යටි බඩෙන් ආ දැවිල්ලක් සමඟ ඔක්කාර ගතියක් නැවතත් හිස එසවූවත් මම හිස සලා ඊට එකඟ වෙද්දී ඔහු දේශනය නිමකොට පිටව ගියේය.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...