33 - අතීතය යලි යලිත් පැමිණෙන කවයක්ව

50 6 0
                                    

#තරුකි

එය අකල් වැස්සකට හසුවී සායම් පහරවල් සියල්ල බොඳවී ගිය ලස්සන චිත්‍රයක් විය. මම උන්නේ සිහියත් අව සිහියත් අතර දෝලනය වෙමිනි. මගේ අම්මා තවදුරටත් ජීවත් නොවන බව බොහෝ වේලාවක් යන තුරු මම මගේ සිතට තේරුම් කරවන්නට උත්සහ කරමින් සිට හතිවැටී උන්නෙමි. නමුත් මොළයෙන් එන ඒ පණිවිඩය වටහා ගැනීමට මගේ හදවත අසමත්ය.

අප හය දෙනා එකිනෙකා බදාගනිමින් තැන් තැන් වල හඬමිනි. පච්චී සිටියේ සුදුමැලි වූ අජීවී වස්තුවක් ලෙසටය. ඔහුගේ ඒ තියුණු ඇස් වියළි මිදි ගෙඩියක් සේ මිලින වී තිබේ. මුලදී ඉකිගසා හැඬූ ඔහු ඉතා ඉක්මනින් නිහඬ ; බුම්මට්ටෙකු වී කිසිදු හැඟීමක් නොපෙන්වා සිටියේය. ඔහු සිටින්නේ ශෝකයෙන්ද ? වික්ශිප්ත භාවයෙන්ද ? එසේ නැතිනම් වේදනාවෙන්ද කියාවත් කියවාගත නොහැකි ගුප්‍ත නිහැඬියාවකි එය!

දින කීපයකට පෙර, මෙතෙක් දැක ඇති ආදරණීයම ජෝඩුව වූ ගෝකුල යුවලගේ විවාහ සංවත්සරය සමරන්නට සිතා ඕක්ලන්ඩ් සිට ජේනුක සමඟ මම ගුවන් යානයට නඟිනා මොහොතේ තිබුනු සතුට එක මොහොතකින් පිපිරී ගොස් තැන තැන විසිරුනු කැබලි අහුලමින් අප සියල්ලෝම වික්ශිප්තව උන්නෙමු.

දන්නේ නැත..

මගේ ලෝකයේ අග රැජිනිය සුදුපාට ලස්සන ගවුමකින් සැරසී සාලය මැද්දේ නිදාගෙන සිටිනු දරාගන්නට තරම් මට ශක්තිමත් බවක් නොතිබුනි. කෑමක් ගැන කිසිම කල්පනාවක් නොමැතිව උන් අපට නේහා ආන්ටිගේ පුතා සහ ලේලිය කරුණාවන්ත වූහ. නමුත් කෑමක් උගුරෙන් පහලට නොගිය ඒ දින කීපය සිහිනයක් මෙන් ගෙවී ගියේය.

අනතුරුව රික්තයක් ඉතිරි විය.

ඒ රික්තය තුල අප වෙන් වෙන් වශයෙන්ද, සාමූහික වශයෙන්ද සුසුම් ලෑවෙමු. පළමු සතිය ඔහේ ගෙවී ගියේය. දෙවන සතියේදී අම්මාගේත් , පච්චීගේත් මිතුරු මිතුරියන්ගේ වදයෙන් බේරීමට අප ඒ මේ අත පා උනෙමු. ඉකි සියල්ල උගුරේ තැනක සිරවී පපුව තුල තෙරපෙනවා සේ දැනුණි.

' තරුකි! ඔයිට වඩා strong වෙන්න දරුවෝ. පච්චීව බලාගන්න එපැයි ඔයාලා'

' හිරුක ඔයා ටිකක් නංගිලාව එයාලගෙ වැඩ වලට පිටත් කරන්න කාලෙ හරි නේද?'

ඔබ දන්නව නම්Donde viven las historias. Descúbrelo ahora