අතීතයේ එක්තරා දිනයක..
#ජේනුක
තමන් මෙතෙක් කාලයක් තමාගේ යැයි සිතාගත සිටි ලෝකයක් , තවදුරටත් තමාට අයිති නොවන බව දැනීම යනු අවුරුදු දහ අටක කොල්ලෙකු වූ මා සොලවා තිබින.
'ජේනු.. පුතාට මේ දේවල් තේරුම් ගන්න පුලුවන් නේ.. අනික ඔයා කොහොමටත් දන්නවනේ ඔයාව ඔයාගෙ ඩඩා ඔයාව අම්මාට හදාගන්න දුන්නා කියලා '
මගේ නිශ්ශබ්දතාවය තේරුම් ගන්නට නොහැකිවූ තැන නේහා ආන්ටි මගේ උරයට අත තබමින් කියද්දී මම සිටියේ තවමත් නිශ්චය කරගත නොහැකි කම්පනයක වෙලෙමිනි.
වයස දහ අට සම්පූර්ණ වූ මගේ නමට ලොකු ව්‍යාපාරයක් පැවරුනු පුවතට වඩා, මගේ පියාගේ එවකට නීත්‍යානුකූල බිරිඳ වූ අසේකා විසින් ගොනුකර තිබුනු නඩුව මේ සියල්ලේ ඇරඹුමද?
අසේකා මඩුගල්ල.. මගේ මියගිය පියාගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස මිස මගේ කවුරුන් හෝ කියා මට කවරදාවත් දැනී නැත. කුඩා කාලයේදී ඈට අවනත නොවූ සැමවිටකම කන මිරිකා හෝ වචන වලින් දමා ගසා මා රිදවූ ඈ ගැන අදටත් ඇත්තේ ඒ නොපහන් බව පමණි.
ලංකාවට ගොස් පසුදා උදාවන මොහොතේ ඈ අපගේ පාර්ලිමේන්තුව පාර නිවසේ දොරකඩට කඩාපාත් වූයේ ක්ලේමෝ බෝම්බද අතැතිවය.
' මේවට මටත් අයිතියක් තියෙනවා. ඩිවෝස් එකේදි ඉල්ලුවෙ නැත්තෙ පව් කියලා හිතිලා. එහෙම උනත් ඒ දේපල ඔක්කොම අරකිට දෙයි කියලා කවුද හිතුවේ?'
ඈ දෙස අසරණ බැල්මෙන් බලා සිටිනා නිවසේ මෙහෙකාරිය වෙත අතපය විසි කරමින් කතාකරන්නේ කවුදැයි බලන්නට මම සාලයට පැමිණියේ ගුවන් ගමනේ තෙහෙට්ටුවට මම ලද නින්දට මේ කෑගැහිල්ලෙන් බාධා වීම හේතුවෙනි.
ඈ තවදුරටත් කියවාගෙන යද්දී අහම්බෙන් දකින මා දෙස මද වේලාවකට ඇගේ ඇස් නතර වී ඉන් වලක්වාගත් කෝපයක් සමඟ කියවාගෙන ගියා මතකය. කෝ නේහා ආන්ටි?
'.. ඔය ගමනායක ගෑණි $සි වගේ දඟලලා මගේ හස්බන්ඩ්ව දැලේ දාගෙන ඔක්කොම දේපල ගන්න බලාගෙන ජේනුකවත් ගානට ගෙට දාගත්තා. මොනවහරි දීලා වෙන්න ඇති ඒ කාලෙත් ජේනුක මගෙත් එක්ක එකතු වෙන්නම දුන්නෙ නෑ'
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...