08 - වෙනස්කම් වලට සූදානම් වෙමින්..

60 6 0
                                    

#ජේනුක

අතීතයේ එක්තරා දවසක..

" want a puff ( උගුරක් ඕනෙද)?"

මා වෙත අතින් අත මාරු වී ආ ගංජා සුරුට්ටුව දෙස මද වේලාවක් බලා උන් මම දෙවරක් නොසිතාම එය අතට ගත්තේ හිත තදකොට ගෙල මුලින් අල්ලා ගනිමිනි.

".. ටිකක් වෙලා දුම තියාගනින්.. "

ඔලිවර් මා අසළට ප්‍රීතියෙන් ඇවිද එමින් පැවසූයේ මම ආධුනික බව හොඳාකාරවම දන්නා බැවිනි. කොල්ලන් රවුමම මා වෙතම දෑස් දල්වමින් බලා සිටි හේතුව මම දනිමි. මම මීට පෙර කිසි විටෙක මේ සුරුට්ටුව මුවට ගෙන නොතිබීමම හේතුව වන්නට ඇත.

සුරුට්ටුවෙන් ඇදගත් දුම් උගුර මුව තුල රඳවාගෙන ඉන්නට ගත් අසාර්ථක උත්සහය අවසානයේ මට තද කැස්සක් හටගත් බැවින් , මට මදක් ඈතට වන්නට සිටි සරිත් සැනෙකින් මා අසළින් සිටගන්නවා මට දැනුනේ ඔහුගේ අතක් මගේ උරය මතට බරවූ නිසාය.

" අඩෝ මේ.. උඹලට පිස්සුද මූ සිගරට් එකක්වත් බොන්නෙ නැති එකාට උඹලා මේ ගංජා සුරුට්ටු දෙන්නේ!!"

ඔහු බුරා පැන්නේ කැස්ස හේතුවෙන් දෑසින් පිටතට පැන්න කඳුළු පිසිමින් මම ඔහු වලකද්දීය. කොල්ලන් බිය වන්නට ඇත. සරිත් එලෙස කිසි දිනෙක බැන වදිනවා මමද අසා නැත්තෙමි. මම ඔහුට හිස සළා සංසුන් වන්නට පැවසුවෙමි.

".. JK වරෙං යන්ඩ ගෙදර.. පරක්කු වෙලා දැන් උඹලගෙ අම්මා කෝල් කරයි මට උඹ ෆෝන් එකත් නැති කරගෙන හින්දා"

සරිත් මගේ බෑගයෙන් ඇද , මා එතැනින් ඉවතට රැගෙන ගියේ නොනැවතුනු කැස්ස ඉදිරියේ මා අඩපණ වෙද්දීය. මද දුරක් ආ ඔහු අසළවූ තාප්පයට මා තදකොට මගේ ගෙලෙන් මිරිකා අල්ලා ගත්තේ සෘජුවම මගේ නෙත් දෙස බලමිනි. මම ඒ බැල්ම මග හරින්නට ගියද එය එතරම් පහසු නොවුනේ ඔහු නැවතත් මා තාප්පයට තද කිරීම නිසාය.

".. ඇත්ත කියපං.. අද උඹ මොකකට හරි අවුලෙන් නේද? ආ? උඹ ෆෝන් එක නැතිකරගත්තෙ නෑ.. මං දැක්ක ඒකට වෙලා තිබ්බ දේ.. උඹ ඒක චප්ප කරනව මම දැක්ක.. ඇත්ත කියපං දැන්"

මම වචනයක්වත් කතා කරගන්නට නොහැකිව ඔහු විසින් සොලවද්දී ඒ මේ අත වැනෙන පරඬැලක් මෙන් ඔහේ උන්නෙමි. සරිත්ගේ නෙත් මදින් මද ලිහිල් වී මෘදු වී ගොස් අවසානයේ ඔහුගේ අත් දෙකම මගේ උරය මත රැඳුනි.

ඔබ දන්නව නම්Donde viven las historias. Descúbrelo ahora