13 - මලට බඹරෙකු සේ

63 4 0
                                    

#තරුකි

" ඒ මොන පිස්සුවක්ද ඒ? ඌ සමලිංගිකයෙක්ද එච්චර ඩෝං යන්න? "

ක්‍රිස්ටිනාගේ හඬ වේගවත්ව දුරකතනය ඔස්සේ පැමිණ මගේ සවන්පත්වල වැදුනත් මට වෙනදා මෙන් සිනා නොගියේය. ජේනුක විසින් හිතාමතාම මා නොසලකා හැරි බව දැනී මම හොඳටම වේදනාවට පත්වී සිටි බැවින්, මෙතෙක් දිනක් හිතතුල සිරකරගෙන සිටි , ජේනුක මගෙන් ඈත්වන්නට ආසන්නතම හේතුව විය හැකියැයි මම අනුමාන කරන සිදුවීම ගැන ඇසූ සැනින් ක්‍රිස්ටිනා මට බෙරිහන් දුන්නේ හරියට මේ දැන් මෙතැන ජේනුක සිටිනවාක් මෙනි.

"... ඔයා උගේ කලිසමේ සිපර් එකට අත තිබ්බා කියලා බයවෙලා එහෙම දඩෝරියං කියලා මේ relationship එක නතර කරන්න තරම් මොන්ටිසෝරි බබෙක්ද JK? අනේ මේ! අර සා..."

ආවේගයට කියාගෙන ගිය ක්‍රිස්ටිනාගේ මුවින් ඉතිරිය පිට නොවූ හේතුව මම දනිමි.

ඔව්! ජේනුක මිහිඳුකුලසූරිය , සුරූපී සාරා සමඟ ප්‍රසිද්ධියේ 'ඩේට්' කරන බව වෙලිංටන් සිට සුළඟින් පවා පැතිර ගොස් තිබින. ඒවා මේ මොන්ටිසෝරි තරුකි සමඟ කරනා හැංඟිහොරා සිඟිති වැඩ නොවෙන බව නොතේරෙන්නට තරම් මම බබෙකු නොවේ.

මම ඔහු මගෙන් ඈතට ගිය හේතුවට පිලිතුරක් සොයමින් මෙතරම් උන්මාද ලෙස ඉබාගාතේ යන්නේ කුමක් පතාදැයි පවා මමම නොදන්නෙමි. ඒ අතර එකම රළු පොලවක් වන් මේ අකාරුණිකකම් අතර කොතැනක හෝ තිබිය හැකි යැයි සිතනා ඔහුගේ නිර්දෝෂීභාවය නම් සුමට බිම්කඩ සොය සොයා දඟලන්නෙමි.

ඔහු ජාතික කණ්ඩායමට තේරුනු බවක් පවා මට නොකියන්නට තරම් කුරිරු වූයේ කෙලෙසකටද? එකම එක කෙටි පණිවිඩයක්!?

නමුත් වසර දහ අටකට අධික කාලයක් මා දැන උන්නායැයි සිතූ ජේනුක මිහිඳුකුලසූරිය තවදුරටත් එතැන සිටියේ නැත.

".. දැන් ඕක පැත්තකින් තියලා ඔය ඩිග්‍රි එක ඉවර කරගන්න රුකී.. ඔහොම දුවලා කවදාහරි දවසක හති වැටෙන්නෙ නැතෑ.. අනිත් එක එයා.."

" පොඩ්ඩක් ඉන්න ටීනා.. ඔයා කිව්ව නේද JK ගෙ යාළුවා.. අර සරිත් අය්යා ලංකාවට ගියා කියලා? කෙනත්ගෙන් එයාගෙ නම්බර් එක හොයලා දෙන්නකො"

ඔබ දන්නව නම්Where stories live. Discover now