51 - හමුවීම් සහ වෙන්වීම් ලෙසයි ජීවිතය ගෙතෙන්නේ

79 2 0
                                    

වසර තිහකට පෙර..

ස්ථානය : කොළඹ ප්‍රධාන පෙලේ රෝහලක IVF ප්‍රතිකාර ඒකකය
වේලාව : 20:55

අසලංක මිහිඳුකුලසූරිය හෝරාවකට ආසන්න වේලාවක් කොරිඩෝවේ ඒ මේ අත ඇවිද්දේ නොසන්සුන් බවකිනි. ඒකකය තුලට ඇවිදගිය නිර්මලීගේ රුව තවමත් ඉන් පිට නොවූ බව ස්ථීරය.

" රූම් නම්බර් ට්වෙන්ටි වල ඩොක්ටර්.. "

ඔහු මීට සුළු මොහොතකට පෙර නිර්මලී ඇතුළු වූ කොටසේ ඇති කාමර අංකය පැවසු සැනින් සායනයේ පිලිගැනීමේ නිලධාරිනිය ඔහු දෙස සෘජු බැල්මක් හෙලුවාය.

".. ඩොක්ට හසික ... හසික පෝරගේ.. දැන් පේශන්ට් කෙනෙක් බලනවා. අදට නම්බර්ස් දෙන්නෙ නෑ ආය.. සොරි සර්.."

ඔහුගේ මතකය එකවරම යම් එලියක් දැල්වෙන්නට විය. ඇත්ත! පෝරා!!

මාත් එක්ක එක පංතියේ හිටියේ ඌ ඕලෙවල් වලදි. මම කොමස් වලට ගියාට පස්සෙ පංතිය වෙනස් උනත් ඌ හිටියේ අපේ ගෙවල් පහුකරගෙන යනකොට තිබ්බ පාරේ! ඇත්තනේ.. ඉස්කෝලේ සෙට් එකේ whatsapp ගෲප් එකේ ඌ හිටියා තමයි..

හිතට ආ අදහසට ඔහු වහ වහා එතෙක් දිනක් ඇසවත් නොගැටවුනු පාසල් මිතුරන්ගේ whatsapp එකතුවට පිවිසී වහ වහා එහි සිටිනා සාමාජිකයින්ගේ නම් සහ පින්තූර අතුරින් හසික සොයන්නට විය.

' ආ! මේ ඉන්නේ..'

ඒ අනුව යමින් ඔහු ඒ මොහොතේම ඔහුගේ අංකයට පණිවිඩයක් තැබුවේය.

' මචං මම අසා.. උඹේ ගෙවල් ගාව හිටියේ'

සිත තුල වේගයෙන් ඇඳෙන සැලසුම සමඟ අසලංක මිහිඳුකුලසූරිය නැවතත් රෝහලේ වාහන අංගනය වෙත පැමිණ කිසිවක් නොවුනා සේ ඔහුගේ රථයට නැඟුනේය. තමන් ඈ පසුපසින් රෝහලට ගිය බව නිර්මලී දැනගන්නවාට ඔහු අකමැති වූයේ ඈ එසේ ගිය හේතුව නොදන්නා නිසාය.

ඈට ප්‍රථිකාර කලයුතු වර්ගයේ රෝගයක් තිබෙනවාද? ඔහුගේ හදවත වේදනාවෙන් මිරිකී ගියේ ඈ වෙනුවෙනි. ඒ මාරාන්තික අනතුරින් සැමියා සමඟම ඇගේ කුස හොත් කළල දරුවා මියගිය බව දනිතත් ඈට ඒ වර්ගයේ ලෙඩක් තිබේදැයි සිතනවිට හදවතට දැනෙන වේදනාව අතිශය භයංකර විය.

ඔබ දන්නව නම්Unde poveștirile trăiesc. Descoperă acum