56 - මතකයක් අමතක මොහොතක

26 2 0
                                    

ජේනුක අසරණව ඒ මේ අත බැලුවේ අඳුරේ ඔහුට විසඳුමක් පෙනේවිදෝ යයි සිතමින් මෙනි. නමුත් මේ කියනා දේට විසඳුමක් පෙන්වන්නට ආලෝකයේදී පවා පහසු වන්නේ නැත. වඩාත්ම පීඩනය වන්නේ ඈ කඳුළු සැලීම නොවේද? ඊටත් ගැහැණුන් නැලවීම යනු ඔහුගේ විෂයක් නොවන විටදී.

ඔහු නුහුරෙන් මෙන් ඈ අසළට ලං වෙද්දී ඈ ඉබේටම ඔහුගේ උරයට බරවෙන්නට ඒ දෙසට නැමුනු බැවින් ඔහුට එය මඟහරින්නට පහසු වූයේ නැත. ඔහුගේ උරයට සිය උරයත් පිටෙහි උඩ කොටසත් ස්පර්ශ වූ සැනින් ඇගේ ඒ සිහින් ඉකිබිඳීම හැඬීමක් බවට පරිවර්තනය වූයේය. ඉබේම ජේනුකගේ වම'ත ඇගේ උරය හරහා ගොස් තදින් ඈ අල්ලා ගන්නට මෙන් ලොක් වූයේය.

" දැ.. න්.. අඬන්නෙ නැතුව නිදාගන්න.. ප්ලීස්... අඬන එක හොඳ නෑ ඔයාට.. හ්ම්ම්"

ඔහු ඇගේ කෙටි කොණ්ඩ කැරැල්ල නලලේ පසෙකින් ගෙන කන පසුපසින් රඳවන්නට අසාර්ථක උත්සහයක් නඟමින් පැවසුවේ පාලනය කොටගත් හඬිනි. ඇගේ හැඬීම මදක් බාල වුවද නොනැවතී ගලන්නට විය. කඳුළු ආවේ ඉඳහිටය.

ඊළඟට කරන්නට ඕනෑ දේ තේරුම් ගන්නට ජේනුකට නොහැකිය. ඒ සිරුර අයිති පුද්ගලයා මැදිවිය පසුකොට ඇත්තේය. ගැහැණියකගේ ඉකිබිඳුමක් නවතන්නට කලහැකි දේවල් ගැන එතරම් සංවේදීව නොපසුවන්නේය.
නමුත් ඒ සිරුර තුල සිරවී උන් ජේකේ නම් ආදරවන්තයා මර ලතෝනි දෙමින් හදවත මතට දඩි බිඩි ගාමින් දෝතින්ම පහරදෙන්නේය. දෑත් දෙපා හසුරවන්නට වලි කන්නේය.

" ජෙම්.. මට.. මට ටිකක්.. මතකයි.. චුට්ටක් විතර"

ජේනුකගේ වම'ත ඇගේ උරයට තවත් තද වූවා විනා මුවින් එකදු වදනක් හෝ ගිලිහුනේ නැත. ඇතුලත පොරබැදීම ඔහුගේ මනස වෙහෙසට පත්කොට තිබේ. එහෙයින් ඔහු මේ අවස්ථාව මඟහරින්නට ඉටා ගත්තේය.

" මතක දේවල් රෙකෝඩ් කරන්න මම දීපු රොකෝඩර් එකේ. ඒත් දැන් ඔයා නිදාගන්න ඕන. හෙට දවසම අපිට තියෙනවා..."

ඔහු සිය ග්‍රහණය ලිහිල් කලද ඈ උරයට තවත් තදවී එකවරම ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලද්දී අහඹු ලෙස දෙදෙනාගේ දෑස් එකිනෙක ලොක් වී යන්නේය. හදවත තුල විදුලියක් කෙටුවාක් මෙන් දැනුනේ ඔහුට පමණක් නොවේ.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 14 ⏰

Add this story to your Library to get notified about new parts!

ඔබ දන්නව නම්Where stories live. Discover now