17 - දෙතැනක හිඳින හදවත්..

43 4 0
                                    

#ජේනුක

අවසන් කණ්ඩායම් පුහුණුවීමෙන් අනතුරුව පැය බාගයක දේශනාවක් පැවැත්වූ ප්‍රධාන පුහුණුකරු, එය අවසානයේ දවසේ පුහුණුවීම් හමාර බව සැලකල අවසානයේ මගේ කළමණාකරු ඈත සිට මා දෙස බලා හිඳ හිස වනා මට ඇමතුවේය.

" JK ඔයාගෙ තාත්තා කෝල් කලා.. ඔයා ඇයි එයාව දැනුවත් කලේ නැත්තෙ අපේ ගිවිසුමේ තියෙන දේවල් ගැන?"

ඔහුගේ හඬ මදක් අමනාපයට බරවන්නට ඇති හේතුව මම අනුමාන කලෙමි. ගිවිසුමේ මගේ ගෙවීම් තිබුනේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා පහලින් සහ ඊට අමුතු කොන්දේසි කිහිපයක්ම අයත් වී තිබිණ.

" ඒකට කමක් නෑ පෝල්.. තාත්තා කියන ඒව එච්චර ලොකුවට හිතන්න එපා. මට පුළුවන් මං කැමති දෙයක් කරන්න"

" කෝකටත් රශීට කෝල් එකක් දාලා ඉන්න. ඌ මගේ යාළුවා හින්දා නැතිනම් මගෙත් එක්ක අවුල් යයි හෙව්වෙ නෑ කියලා "

පච්චී ඔහුට දෙහි කපන්නට ඇති බව මම අනුමාන කලේ ඔහු එය කියන්නට පෙරමය.

ජීවිතයේ සමහර සංධිස්ථානයන් වලදී ඔබට තෙමන්සලක් හෝ සිව්මංසලක් හමුවනු ඇත. ඒ මොහොතේදී ඔබ යා යුතු අත ඔබ විසින් තෝරාගත් මාර්ගය ඔබ රැගෙන යන ගමන ඔස්සේ තීරණය වනු ඇත. ඒ සමහර තෝරගැනීම් සහ මාර්ගයන් තමා වෙනුවෙන් තවත් අයෙකු ගත් තීන්දු විය හැකි මුත් සම්පූර්ණයෙන් ඔබේ මාර්ගය ඒ ඔස්සේම යා යුතුය කියා නීතියක් නැත.

පැටිවියේ උන් මගේ මාර්ගය ගෝකුලයන් හා ගමන්කලයුතු බව මගේ පියා විසින් තීරණය කොට තිබුනි. ඇත්තය.. මම ඔවුන් සමඟ ඉතා සුන්දර මතකයන්ගෙන් පිරුනු මාවතක ගමන් කරමින් උන්නෙමි. නමුත් මම ගෝකුලයෙක් නොවේ! එසේ නොවන බවට මම මගේ හදවතට දුන් පොරොන්දුව සමඟින් එතෙක් කීකරු ජේනුක මිහිඳුකුලසූරිය තුලින් නවමු හිතුවක්කාරයෙකු බිහිවී තිබිණ.

රශිඳු ගෝකුලගේ අණසකින් ඈත්වීමට මේ හොඳම කාලයයි!

මට මා තුලම ඇති අනන්‍යතාවය සොයා යාමට, ඒ වෙනුවෙන් සීමාවන් අතික්‍රමණය කිරීමට තරම් පියාපත් සවිමත් බව මම විශ්වාස කරමි. මීට සතියකට පෙර රෝහල් සයනයේ සිට මා වෙත එල්ලකල ඒ කඩඉම් පැනය විසින් එකවරම මා සිටගෙන උන් බිම්කඩ සෙලවී ගිය බව මට දැනුදු සිහිපත් කරගත හැකිය.

ඔබ දන්නව නම්Where stories live. Discover now