43 - ඔබේ පැමිණීම් බොහෝ අය අපේක්ෂා නොකරන්නේය

50 2 0
                                    

රුදුරු බැල්මෙන් මදක් තිගැස්සී ගිය අලෙවි අංශයේ උප ප්‍රධානියා එක සීරුවට සිටගත්තේ , සිය දෙඅත් මුහුණ ඉදිරියෙන් එක්කාසු කරගෙන තමා දෙස බලා සිටිනා ජේනුක වෙත බලා සිටිමිනි. ඇඟිලි අතුරින් පෙනෙන ඒ ඇස්වල තිබුනේ දරුණු දඩයම් බල්ලෙකුගේ මෙන් රෞද්‍ර බවකි!

අනතුරුව ජේනුක මිහිඳුකුලසූරිය මේසය මත ඇති වීදුරු කඩදාසි බරුව වටයක් කරකවා කල් මැරුවේය.

" ඒක අපි ගන්නව.. පාසුකුඩාවල ඒකට ඕනෙ කරන දේවල් කරන්න ලෝයර් කෙනෙක් හෙට කතාකරයි.. "

" සර් ඒක පාඩුවට දුවන.."

නිලධාරියා අවසන් වරටද කියා සිටියේ මෑතක සිට තම ප්‍රධානියා කරන විකාර වැඩ වලින් හෙම්බත් වෙමිනි.

' මුන් ගොං වැඩ කරලා ඔක්කොම profit එක ( ලාබය) ඒකට පුදල , අපිට බෝනස් දෙනකොට තමයි මුංට සල්ලි නෑ කියලා මතක් වෙන්නෙ..'

ඔහු සිය බිරිඳට කියමින් දත්මිටි කෑවේ හේතුවක් ඇතිවය.

'සධානා මිස් නම් එහෙම නෑ.. ලොකු සීන් දුන්නට නාස්ති කරන්නෙ නෑ.  මිස් නැති මේ දවස් ටිකට මොකෙක් වැහිලද මන්දා මේ මනුස්සයට'

ගිණුම් අංශයේ සිටිනා වාසනා පෙරේදා ඔහු හා පැවසුවේ මුහුණ දෙක කරගනිමිනි. ඒ වැඩකට නැති වැඩසටහනක් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දක්වන්නට ගත් අත්තනෝමතික තීන්දුව නිසාය. එය සුළුපටු මුදලක් නොවේ.

' මොන විහිළුවක්ද අනේ construction field එකේ company එකක් ( ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ආයතනයක්) මේ beauty pageant එකකට sponsor කරන්නෙ.( රූරැජින තරඟයකට මූල්‍ය අනුග්‍රහය දක්වන්නෙ).. '

' සධානා මිස්ට වඩා හොඳ කෑල්ලක් දාගන්න වෙන්න ඇති අනේ..'

' දාගන්න දෙයක් නෑ ඔය තියෙන්නෙ ඇස් පනාපිටම.. බඳින්නෙ නෑ.. සල්ලිකාරයො ඔහොම තමයි අනේ.. සධානා මිස් අහු උනා'

' අනේ මේ බොරු කතා හදන්ඩෙපා සර්ට.. සධානා මිස් කැමති උනාට සර් කැමති නෑ මං හිතන්නෙ.. '

' අම්මෝ මෙයාටනෙ රිදිල තියෙන්නේ ඒ නපුරාට මොනවහරි කියද්දි.. '

කාර්යාලයේ කෑම පැයේදී කෙරුනු කතාබහත් ඒ අස්සේ හිස මත වාදනය වන්නට විය.

ඔබ දන්නව නම්Donde viven las historias. Descúbrelo ahora