සටහන : මෙතැන් සිට මෙතෙක් කොටස් ලියවුනු රටාව වෙනස් වෙනවා. එකිනෙකාගේ පැත්තෙන් ලියවෙමින් තිබුනු කතාව දැන් එසේ නොවෙයි. ඊට අමතරව කාලය මදක් ඉදිරියෙන් ඇරඹෙනවා. ඉවසීමෙන් කියෙව්වොත් අපහසුවක් දැනෙන එකක් නෑ. මේක මම අළුතින් අත්හදාබලන ලිවීමේ රටාවක්.
වසර හතරකට පසුව..
ස්ථානය : කොළඹ පාර්ලිමේන්තු පාරේ , Malroy House නිවස
වේලාව : උදෑසන 7.38තමා ඉදිරියේ උන් රුව දෙස එක එල්ලේ බලා සිටි ජේනුක මිහිඳුකුලසූරිය එක ඇසි පිල්ලමකින් ඒ බැල්ම වෙනතක හරවමින් සිය දිගු කමිසයේ අතෙහි බොත්තම පියවමින් ඉතිරි පියගැට බැසගත්තේය. ඔහු ඈ දෙස එකවරක්වත් නොබලා ; කොටින්ම ඈ සිටිනවාද කියාවත් නොතකා සිය සාලයෙන් මුළුතැන්ගෙයට පිවිසෙන කොටසට පය තැබුවේය.
" ජේනුක! ඔයාට ඇහුනෙ නැද්ද මම කියපු දේ? මම ප්රෙග්නන්ට්! මාස තුනක් ප්රෙග්නන්ට්!!"
ඈ හඬගෑවාය. නමුත් ඔහු එකදු බැල්මක්වත් ඈ වෙත නොපා ඉහළ කබඩ් එකක් විවරකොට ගත් සීරියල් පැකට්ටුවෙන් සිය භාජනය පුරවන්නට විය.
" ඔව් ඔව් ඇහෙනවා.. මගේ කන් හොඳට ඇහෙනවා සධානා.. ඕකට ගේ දෙක වෙන්න කෑගහන්නෙ ඔල්මාදෙද? ඔව් ඉතින් ගෑණු - පිරිමි සෙක්ස් කලාම ළමයි හම්බෙනව තමයි.. මොකද උන් ගේන්නේ රෝසකැලෙන් නෙවෙයි නේ.. "
ඔහු ශීතකරණය විවරකොට කිරි බෝතලය ගෙන සීරියල් මතට වත් කලේද ඈ දෙස නොබලාමය. සධානා ඒ දෙස බලා සිටියාය.
".. ඒවට තමයි ප්රොටෙක්ෂන් තියෙන්නෙ.. "
ඔහුගේ කට කොනට නැඟුනේ සාපරාධී සිනාවකි. සධානාගේ හදවත පුපුරන්නට තරම් වේදනාවක් නැඟුනේය. ඈ පියවර කීපයකින් ජේනුක අසළට ඇවිදගෙන විත් මේ හිතක් පපුවක් නොමැති මෘගයාගේ ඉදිරියෙන් සිටගත්තේය.
" JK! Please.. Please don't do this to me ( ජේකේ.. කරුණාකරලා මට මේක කරන්න එපා)"
ඇගේ හඬ බිදී යද්දී ජේනුක ඒ ගැන වගක්වත් නොමැතිව තීරුවක් වන් මේසයේ ඇති උස් පුටුවට බරවී අසළ වූ ලෙමන් බීම පානය ලංකොට ගත්තේ අත බැඳි ඔරලෝසුව මදක් පිරික්සමිනි.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...