#ජේනුක
අතිශය කාර්යබහුල සතියකින් අනතුරුව එළැඹුනු පළමු සති අන්තය කෙනත් , සරිත් ඇතුළු සමීප මිතුරන් හා කුඩා සාදයකට 'සෙට්' වන්නට සිතුවේ විශ්වවිද්‍යාල විභාග කටයුතු අවසානයේ ලද විවේකය නිසාය. සති කිහිපයකට පෙර ලංකාවෙන් පැමිණි සරිත් හා කාලය ගතකරන්නට මගේ එතරම් කැමැත්තක් නොතිබුනත් , බොහෝ දිනකින් යහළුවන් හමුවන්නට යන්නට ආ අවස්ථාව මගහැර යන්නට මම නොකැමති වීමි.
" අඩෝ කොහොමද අපේ ජාතික වීරයා!"
සරිත් මා දුටුවනම බදා වැලඳගනිමින් කෑගසද්දී මම ඊට සුපුරුදු පරිදි නිහඬව සිනාසී ' හොඳයි මචං' කියා ඔහුගේ පිටට තට්ටුවක් දැමුවෙමි. කෙනත් බරපතල වර්ගයේ දුරකතන ඇමතුමක රැඳී සිටි නිසා අනෙක් මිතුරන් සමඟ අප මේසය වටා රොක්වී බීම සහ කෑම ඇණවුම් කළෙමු.
සාදය සඳහා පළමු මාතෘකාව වූයේ මගේ ජාතික සංචිත තේරීමයි. ඔවුන් සියළුදෙනා මට සුබ පතමින් සවුදිය පිරූ අතර , මා ගැන ලංකාවේ පත්තරයක සඳහන් වී ඇති පුවත සරිත්ගේ මුවින් ඇසෙද්දී මම විමතියට පත් වී ගියෙමි.
" ඈහ්! මම දන්නෙත් නෑ"
" ඔව් ඉතින් උඹ මොනවද දන්නෙ.. බබා නේ.. "
මිතුරන් මට සරදම් කළහ. අනතුරුව මාතෘකා එකිනෙක පීලි පනිමින් යද්දී දීර්ඝ ඇමතුම නිමාකොට කෙනත් අප වෙත ඇවිද එද්දී ඔහුගේ මුහුණේ වූ වෙනස්කම මම හොඳින් නිරීක්ෂණය කලෙමි.
" ඇයි මචං?"
" චඃ"
ඔහු හිස සලා කිසිවක් නොපවසා සිටියද ඔහු සිටියේ එතරම් හොඳ මානසික තත්වයක නොවන බව මට වැටහුණි. සාදය පුරාම තිබ්බේ කොල්ලන්ගේ විවිධ මාතෘකාය. අතරින් පතර මගේ ක්‍රීඩා ජීවිතයත් , කෙවින්ගේ ආදර හුටපටත් මාතෘකා වී කොල්ලන් හඬ තලමින් සිනාසුනහ. නමුත් කෙනත්ගේ මුහුණ එතරම් හොඳ නැති බව මට පෙනුනත්, ඔහුගෙන් මම කිසිවක් විමසන්නට ඉක්මන් නොවුනෙමි. වරින්වර ඔහු සිය දුරකතනය පිරික්සමින් යම් දෙයක් ගැන වද වන බව දැනුනු නිසා අවසානයේ මම ඔහු අසළින්ම හිඳගෙන උරයට අත තැබුවෙමි.
" මොකක්ද කේස් එක?"
" මේ අපේ තාත්තා බං.."
ඔහුගේ පියා හිටපු ජාතික රගර් ක්‍රීඩකයෙකු වූ අතර ඉතා ඉක්මනින් කිපෙන චරිතයක් වූ නිසා කෙනත් දෙමවුපියන්ගේ දික්කසාදය සමඟ ඔහු හා තිබුනු සබඳතා සියල්ලම පාහේ කපාහැර සිටියේ ඔහුගේ අවකල් ක්‍රියා ඉවසාගත නොහැකිවය.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...