දින පහකට පසුව...
#ජේනුක
නොසන්සුන් බවේ උපරිමයෙන් මම බෝතලයේ තිබුනු වතුර සියල්ල එක හුස්මට බීගෙන ගියෙමි. මුවට දැනුනු වතුරේ මට අවැසි වූ අමුත්ත තිබුනේ නැත. එය මම සිහිය එළඹවාගන්නට හිතාමතා කල දෙයක් වුවත් ඉන් මමම රිදුම් ගත්තෙමි. පුහුණුවීම් අතරතුර බොන වතුර බෝතලයට එක්කාසු කරනා ලුණු රස ජීවනී පැකට්ටුව සමඟ මට ඇත්තේ එතරම්ම බැඳීමකි.
කුඩා කාලයේ පටන් ක්රිකට් පුහුණුවීම් සඳහා යනවිට මගේ බෝතල් දෙකෙන් එකකට එක්කාසු කරනා ජීවනී පැකට්ටුව සමඟ අම්මාගේ ඒ ආදරණීය තර්ජනය මට සිහිවේ.
' මේක හොඳයි ඔය ඔක්කොම මස්ල් වලට. දාඩිය දැම්මම මස්ල් හොඳටම ටරයර්ඩ් වෙනව. මේකෙ ඒකට ඕන මිනරල්ස් තියෙනවා. බොන්න ඕනෙ මේ බෝතලේම! තේරුනාද? '
කුඩා කාලයේ පටන්ම මේ තැටිය එලෙසින්ම හැමදාම වාදනය වන්නේය.
පච්චීත් මමත් හොරැහින් එකිනෙකා වෙත බැලුම් පාකර ඇගේ ඒ තර්ජනය විඳගෙන වාහනයට නඟින පමාවෙන් ජීවනී බෝතල් දෙකම මගේ බෑගයට වැටෙන්නේ ඉබේටමය. මගේ අනෙක් බෝතලය පච්චීගේ බෑගයට යන්නේ කිසිදු මැසිවිල්ලක් නොනඟාමය. පච්චීගේත් මගේත් ඒ රහස ගැන කිසි දිනෙක අප දෙදෙනා කතා නොකලද, නිහඬ එකඟතාවක් විය.
ඒ තර්ජනය අම්මාගෙන් තරුකිට මාරු වන්නේ තවත් වසර ගණනාවකට පසුවය. ඈද අම්මා මෙන්ම ; නැත ඊටත් වඩා වැඩියෙන් ; මට ගොරවමින් ඒ බෝතලය සූදානම් කරන්නේය. මා සමඟ අමනාප දිනයන් වලදී ඊට හොඳවායින් ලුණු හැඳි දෙකක්ද එක් කරනා බව දනිතත් ඒවා මට ලැබෙනා සොඳුරු නපුරුකම්ය. ඒ ජීවනී බෝතලය බොන වාරයක් ගානේ තරුකි සිහිවීම ; සිනාවක් නැඟී වෙහෙස දුරුවීම ; ඉන් නොනැවතුනි.
අද?
මේ වනතුරුත් ගෙනා ජීවනී පැකට්ටු මමම දමාගෙන ඈ වෙනුවෙන් බිව්වද, අද එසේ නොකලෙමි. හදවත තුල බිත්ති සූරාගෙන යන වේදනාවක් දැනෙන්නේය.
' ඇයි දැන් උඹ කිව්වෙ.. තරුකි නැවැතුවොත් මේක නතර කරනවා කියලා..? ආයෙ උඹට තරුකි කතා කරන්නෙ නෑ.. මීට් වෙන්නත් ට්රයි කරන්න එපා.. දාසයේ කොල්ලෙක් නොවී උඹ තේරුම් ගනින්'
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...