සැළකිය යුතුය : කාලය ඒ මේ අත යන බැවින් සැලකිලිමත් වන්නට මතක් කරමි.
#තරුකි
මගේ ගල්ගැසුනු දෙපා සහ දෝතින්ම මුව වසාගත් අයුරට සිනාසුනු ඈ මා වෙත සිය දකුණත පෑවේ ඉදිරියට පියවරක් තබමිනි. දෙවියනේ! නවසීලන්තයේ ජනප්‍රිය සූපශාස්ත්‍ර වැඩසටහනක් කරනා ප්‍රකට නිවේදිකාවක් වූ Carly Flynn* මා ඉදිරියේය. සුදු ජාතික සිහින් සිරුරක් සහ සිත්ගන්නාසුළු පෞර්ෂයක් ඇති ඈ මා බොහෝ අගය කරනා චරිතයකි.
" කාර්ලි.. මේ ඉන්නේ මම අර කියපු ගෑණුළමයා.. "
මගේ ගුරුතුමා ඔහුගේ සුපුරුදු හඬින් කියද්දී මට ඉබේටම ඇගේ අත අල්ලාගත්තාට වඩා ස්පර්ශ වූවා කිවහොත් නිවැරදිය.
'මොකක්ද අර කිව්වෙ? මං කියපු ගෑණුළමය කිව්වෙ?'
".. එයාගෙ නම මට කියන්න බෑ එයා ඒකට මට හිනා වෙනවා.. කාර්ලිව ඔයා දන්නවනේ ?"
ගුරුවරයා පළමුව කාර්ලි දෙස බලා කියා, ඉතිරිය මා දෙස බලා වැකිය අවසාන කරද්දී මම සිහිනයෙන් මෙන් ඇගේ ඒ උණුසුම් අත සෙමෙන් දෙවරක් සෙලවූයෙමි.
" තරුකි.. මගේ නම තරුකි.. මට රුකී කියන්න මිස් කාර්ලි.. මම ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක්.."
මගේ දෙනෙත් දෙස බලමින් ඈ දැල්වූ සිනාව නිසා ඇතිවූ සතුටින් මම සීරුවෙන් සිටගත්තෙමි.
" ලියෑං මහත්මයා ඔයා ගැන කිව්වම මම හිතුවෙ නෑ මෙච්චර ලස්සන චූටි කෙල්ලෙක් කියලා. පින්තූරයේ පෙනුනේ නෑනෙ එහෙම"
කාර්ලි මහත්මිය පවසද්දී එහි සැබෑ අර්ථය තේරුම්ගත නොහැකිව මම මගේ පරීක්ෂකවරයා දෙස ප්‍රශ්නාර්ථයෙන් බැල්මක් හෙලුවෙමි. මොන පින්තූරයේද?
" අහ්.. රුකී! ඒ නම හොඳයි මටත් කියන්න.. මේ කාර්ලි එයාගෙ අර කුකිං ශෝ එකේ වැඩවලට අළුත් මූණක් ඕනෙය කියලා කිව්වහම, මට ඔයාව මතක් උනා.
අනික කලින් දවසේ තිබ්බ වැඩමුළුවේ පින්තූර දැකපු ගමන්ම කාර්ලිට ඕනෙ උනා ඔයාව හමුවෙලා ඒකට කැමතිද අහන්න.. "ලීයෑං මහත්මයා ඔහුගේ සුපුරුදු පැහැදිලි හඬින් , කෙටියෙන්ම සියල්ල පැහැදිලි කරද්දී මම පුදුමයෙන් බලා සිටියෙමි.
ŞİMDİ OKUDUĞUN
ඔබ දන්නව නම්
Romantizm⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...