27 - කියන්නට කිසිවක් නොමැති දිනක්

45 5 0
                                    

#තරුකි

මා කවදත් වශී කරනා ඔහුගේ ඒ ව්‍යාකූල දෙනෙත් මගේ මුහුණ පුරා ඒ මේ අත ගමන් කරද්දී , ජේනුක මිහිඳුකුලසූරිය ගල්ගැසී මා දෙස බලා සිටියේය.

මං හිතන්නෙ මම කොල්ලව ආයෙමත් ශොක් කලා! පළවෙනි වතාවට හොඳම යාළුවා සිපගන්නා පිස්සු වැඩේ කරන්නට ගොස්.. දෙවනි වතාවට ආදරෙයි කියලා කියන්න ගිහින්!!

' දෙවියනේ තරුකි.. උඹ කොල්ලෙක්ගෙන් එහෙම ආස්ක් අවුට් කරනවද?'

' නැතුව? මේ මෝඩයා දැන් මාව එලවගන්න හදනකොට මං වෙන මොකක් කරන්නද?'

කොහොමත් මම තත්පරයට වචන කෝටි දෙකක වේගෙන් හිතනවා උනත් , ඒ ටික ඊටත් වේගෙන් හිතුවා. ඒ ඇස් මට නොතේරෙන බැල්මකින් නතරව මා ඔහුගේ දිහටි සවිමත් බාහු අතර ගුලිවී ගියේ ඉබේටමය.

ඒත් සමඟම බරැති සුසුමක්!

" තරූ..."

මම ඔහුගේ මේ හැසිරීම තෝරාගත නොහැකිව ඔහුගේ පුපුවට තදවී නිසොල්මනේ උන්නෙමි. ඒ වැළඳගැනීම තුල කිසිදු සරාගයක් නොවුනි.

' මොකක්? ජේනුක මිහිඳුකුලසූරිය උඹට හැබෑටම මොකද වෙලා තියෙන්නේ? මේ දැන් උඹට කෙල්ලෙක් ආදරෙයි කිව්වා. එතකොට කියන්න තියෙන්නේ ඔච්චරද?'

මගේ හදවත ඇතුලතින් මොරදුන්නද මුව තිබුනේ අගුලු වැටීය.

".. පිස්සු කෙල්ල.. "

ඔහුගේ නිකට මගේ හිස මුදුනේ තදවනු දැනෙද්දී දෑත් මා වටා වෙලුනේ උණුසුමක් සදමිනි. මගේ එක කොපුලක් ඔහුගේ පපුව ආසන්නයේ තිබුනද එහි ගැස්සෙන වේගවත් බව ඔහුගේ වචනවල නොතිබෙන්නේ ඇයි.

" මට පිස්සු නෑ!"

මම හිතුවක්කාර ලෙස පැවසූ සැනින් ඔහු මා ඈතට කොට මගේ දෙනෙත් දෙස මෘදු බැල්මෙන් බලා සිටියේය. එහි තිබුනේ පෙම්වතිය දෙස බලනා පෙම්වතෙකුගේ බැල්මක් නොවේ. පෙර දිනයකදී ඕනෑ නැති දෙයක් කර ඔහුගේ අතටම අසුවූ පසු පානා තරවටු බැල්මකි.

" සම්පූර්ණයෙන් නෑ.. බාගෙට.. "

එහි ඇති සරදම මේ කතාවේ දිශානතිය වෙනස් කරන්නට බව මම තේරුම් ගත්තද මම සිටියේ වික්ශිප්ත බවකිනි. මට දැන් රතු කට්ට පෙනෙන බව මටම දැනේ.

ඔබ දන්නව නම්Where stories live. Discover now