මාර්තා මද වේලාවක් ඈ දෙස බලා සිටියාය. අනතුරුව පෙර දින දුරකතනය ඔස්සේ පැමිණි සිය ස්වාමියාගේ උපදෙස් සමඟ මේ නියෝගය ගලපන්නට උත්සහ කළාය.
"... පාන්දර උනාට කමක් නෑ මාර්තා.. ෆ්ලයිට් එක බුක් කරන්න"
කිසිදු හැඟීමක් නැති ඒ වචන අතර ඇත්තේ කුමන අරමුණක්ද? කනින් කොනින් ආරංචි වූ සමහර කාරණා එසේ නම් සත්‍යයද? ඇයගේ පැරණි පෙම්වතා සම්බන්ධයෙන් පලවූ තොරතුර සිංහලෙන් නිසා සම්පූර්ණයෙන් ඒ ගැන දැනගන්නට තරම් කාලයක් නොවූයේ මේ වනවිට එය ඒ වෙබ් අඩවියෙන් ඉවත්කොට ඇති බැවිනි.
තරුකි ස්පෙන්සර් යනු ගුප්ත චරිතයක් බවත්, ඈට වෙනම පවත්වාගන්නා චරිතයක් ඇති බවත් ඈට වරින්වර ඉවෙන් මෙන් දැනී ඇති නමුත්, තමන්ගේ ස්වාමියා වූ නේතන් ස්පෙන්සර්ගෙන් සත්‍යය නම් දැනගතහැකි නොවන්නේය.
' කලින් පෙම්වතා? වෙබ් අඩවියක යන්න තරම් කෙනෙක්ද? එක්කො මේ මැරේජ් එක හින්දා මේ කෙල්ල විඳවනවා කියන එක ඇත්තක්ද? නේතන් ආයෙමත් ?'
එක මොහොතකට මාර්තාගේ හිත මේ ගැහැණිය ගැන සංවේදී වූවාක් මෙන් දැනුන මුත් ඇය ඒ සිතුවිල්ල වහාම නවත්වා ගත්තාය.
' මට වැඩක් නෑ ඒවා! දෙන පඩියට වැඩ කරනවා මිසක් මට ඒව අදාලත් නෑ'
'සංවේදී බව? ඒ මොකක්ද ඒ? මගේ ජොබ් එකට ඒක අවශ්‍ය වෙන්නෙ නෑ. කොටින්ම නේතන් ස්පෙන්සර්ට කොහොමත්ම ඒක අදාල වෙන්නෙ නෑ'
ඈ තරුකි විසින් සඟවාගත් මුහුණ වෙතින් දෑස් ඉවතට ගෙන අත තිබුනු iPad එක මත සටහනක් තබා ගත්තාය.
" හරි රුකී.. අද රෑට තියෙන විවාහක රූ රැජින අවසන් තරඟයෙන් පස්සේ , පළමු පන්තියේ සීට් තියෙන ෆ්ලයිට් එකක වෙලාවක් මම බලන්නම්. අපිට එහෙම්මම යන්න..."
" ඉකොනොමි ක්ලාස් උනත් කමක් නෑ.. ටිකට් දාන්න..."
පුදුමයකි! ඈ පැන යන්නට තැත් කරනවාද? ඇත්තටම ඈ මෙතරම් සසල කරන්නට ඒ මඩ ගහපු තොරතුරේ තිබ්බේ මොනවාද?
" ඔයාට බෑ ඉකොනොමි ක්ලාස් යන්න? පිස්සුද රුකී? මම ඊයෙත් ඔයාට මතක් කලේ.. ඔයා දැන් රටක් නියෝජනය කරන කෙනෙක්. එහෙම ආවට ගියාට වැඩ කරන්න බෑ
අනික ඔයා ආවෙ නිල සංචාරයක්.. අන්තිමට තිබ්බ හමුව මම අවලංගු කරගත්තෙ ගොඩක් අමාරුවෙන්. හිතුන හිතුන විදියට ඒව වෙනස් කරන්න බෑ"
![](https://img.wattpad.com/cover/341255565-288-k937972.jpg)
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...