05 වෙනස් මගකට හුරුවෙමින්..

65 7 0
                                    

#ජේනුක

නේහා ආන්ටි පිලිතුරක් අපේක්ෂාවෙන් මා දෙස බලා සිටියදී මම ඊට අපහසුවෙන් සිනාවක් නඟා ගත්තෙමි.

" ජේනු! ඔයා ඇත්තටම මොකක්ද කරන්න හදන්නෙ? මට නම් හිතෙන්නෙ කිසිම තේරුමක් නැති වැඩක් කරන්න හදන්නෙ කියලා"

ඈ මගේ උරයෙන් අල්ලා සෙලෙව්වේ නොඉවසිල්ලෙන් මෙනි. ඈ කියන්නේ සත්‍යයක් වන්නට ඇත. ඒත් මේ ගින්න මගේ හදවත හෝරාවක් පාසා පුළුස්සා හරියි. මම ඇගේ වාහනයේ තිබුනු පාර්සල් කීපය නිහඬව මගේ වාහනයේ පසුපස ආසනයෙන් තැබුවේ ඇගේ බැල්ම එක එල්ලේ මා වෙත තිබියදීය.

".. කොල්ලා.. උඹ මේවා කියෝලා ඔලුව අවුල් කරගන්නවට මම කැමති නෑ. මේ ඩයරි ටික ගිණිතියන්න කියලා නිර් මට දුන්නට මම ඒවා ශේප් එකේ ගෙදර ගෙනාවෙ කියවන්නම නෙවෙයි. කොහොමත් ඒව කියවන්න තිබ්බ ඕනෙකම නැතිවෙලා ගියා. අසා.. "

ඇගේ උගුර සිරවන්නට ගිය බැවින් ඈ හුස්මක් ඇල්ලුවාය.

"... අසා නරක මිනිහෙක් නෙවෙයි. එයා.. එයා නිර්ට ගොඩක් ආදරේ කලා.. ඒත් නිර්මලීගෙ ජීවිතේ තිබ්බේ රශියා ගාව. ඒක තමයි දෛවය. ඒ දේවල් ආයෙ ආයෙ හාර අවුස්සලා උඹට ලැබෙන දෙයක් නෑ කොල්ලෝ.."

මම බිමට නවාගෙන උන් හිස හරවා නේහා ආන්ටි දෙස හැඟීම් විරහිත බැල්මක් හෙලුවෙමි.

".. නිර් උඹේ අම්මා නොවුනාත් ඒකිගේ වෙනසක් නෑ. ඒ මොනවත් දැනගෙන නෙවෙයි නේ නිර් ඔයාට පුංචි කාලේ ආදරේ කලේ. මේ විකාර වැඩේ නතර කරන්න ජේනු.."

නේහා ආන්ටි මා වැළඳගනිමින් කල එය සෝචනීය ආයාචනයක් වුවත් ඒ මොහොතේ මගේ සිත ගල්වී තිබින. තරුකිගේ පැමිණීමෙන් වෙඩි වැදුනු මගේ සිතට තවත් රිදෙන්නට තැනක් නොවූ තරමකි.

" ආන්ටි බයවෙන්න එපා. මම එයාලගෙ හිත රිද්දන්න නෙවෙයි මේක කරන්නෙ. මට දැනගන්න ඕනෙ මං කවුද කියලා විතරයි. ඩයරි දුන්නේ ගිණිතියන්න නම් අම්මිට මේ ගැන කියන්න හේතුවකුත් නෑනෙ. මම පොඩි එකෙක් නෙවෙයි නේ.."

" ඒ උනාට කොල්ලා.. "

නේහා ආන්ටි මා දෙස අසරණ බැල්මකින් බලා සිටියාය. ඈ සඟවන්නේ මොනවාදැයි මට තවමත් තේරුමක් නැත.

ඔබ දන්නව නම්Where stories live. Discover now