#තරුකි
සතියක් ගෙවී ගියේ සිවුරුහම් බාන තරම් වේගයෙනි. ඒ සතිය ඇතුලත ගෝකුල නිවස බොහෝ වෙනස්කම් වලට ලක්වෙමින් තිබින. ප්‍රධානම වෙනස වූයේ අප පස් දෙනාම අර්ධකාලීන රැකියා සොයාගැනීමය. අහසි හැරුනු විට අප හතරදෙනාටම එතරම් දුරබැහැරක් නැති තැන් වලින් කුඩා රැකියා සොයාගන්නට හැකිවූ අතර අහසි සිටි මානසික තත්වය නිසා හිරුක තීරණය කලේ ඈට එය නොගැලපෙන බැවින් අම්මා අසළ රැඳීමට ඈ කැමති බවයි.
අනෙක් වෙනස ඒ තීන්දුව තුලම පැවතුනි. වෙනදා පවුලේ වැඩිමලා ලෙස කැපී පෙනෙන භූමිකාවක් කල ජෙනුක වෙනුවට හිරුක නිතරඟයෙන්ම එතැනට පත්ව සිටියේ , පච්චී සිටි තත්වය අදහගත නොහැකි තරමට දුර්වල බැවිනි.
' හරි මචං.. මිනිස්සු උනාම ලෙඩ වෙනව.. අපිත් වයසට යනවනෙ. ඉතින් බලපං මමත් ස්ටෙත් දෙකක් දාලා ඉන්නේ. නේහාටත් දැන් එක එක ලෙඩ. හැටත් පැනලානෙ බං'
රංග අංකල් පච්චීට එසේ කියනු මම අසා සිටියෙමි.
ඔවුන් කියන්නේ ඇත්තය. අම්මාගේත් පච්චීගේත් වයස් පරතරය වසර විස්සකි. ඔව්! මගේ මව පච්චීට වඩා වසර විස්සක් වැඩිමහල් වූවාය. ඔවුන්ගේ ප්‍රේම වෘතාන්තය ගැන බොහෝ දේ රංග අංකල් සහ නේහා ආන්ටි මතක් කරන්නේ අම්මි ජම්බු ගෙඩියක් සේ රතු වෙද්දීය. අපි ඒවාට සිනාසෙමින් ලද අවස්තාවෙන් පච්චී කොරවී සිටිනු බලා ඉන්නෙමු.
නමුත් ඒ කිසි දිනෙක ජේනුක මිහිඳුකුලසූරියගේ පියාගේ නම නොගෑවෙන්නට ඔවුන් පරෙස්සම් වන්නා සේ මට දැනුනේ වයසින් වැඩෙත්මය. කුඩා කාලයේදී ඒ ගැන වැඩි අවධානයක් නොතිබ්බත් ජේනුක මිහිඳුකුලසූරිය විසින් කියූ යමක් සමඟ මම තරමක් ඒ ඔස්සේ කල්පනා කරන්නට වීමි.
' රුකී.. ඒකියන්නෙ උඹල දෙන්නාට අවුලක් නෑනෙ! මරුනෙ!!'
ඒ මගේ මිතුරිය ක්‍රිස්ටිනාය. ඈ කොහොමත් මගේ ක්‍රශ් එක වූ ජේනුක සහ මම ගැන මට කියමින් වාත කරන්නට රුසියෙකි.
' ඒ උනාට ජෙම් ඉන්නේ අවුලෙන් ටීනා.. මට දුකයි. එයා ගෙදරින් යන්න බෑග් ලෑස්ති කරලා තිබ්බ දවසේ මම කාමරේට ගිහින් දොර ලොක් කරගෙන අඩව්වක් අල්ලපු හින්දා නතර උනේ.. එයා කියනවා අම්මා කවුරු උනත් අපේ අම්මිට ආදරෙයි කියලා '
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...