16 - හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්

56 6 0
                                    

#තරුකි

නානකාමරයේ ගතකල හෝරා බාගය ඇතුලත දර්පනයෙන් පෙනෙන මගේ ප්‍රතිබිම්බය දෙස බලාගෙන උන් මට මා ගැනම දැනුනු අනුකම්පාසහගත හැඟීම සමඟ නේතන්ගේ වදන් සවන්පත්වල දෝංකාර දෙන්නට විය.

' ඔයා වගේ කෙල්ලෙක්ට මේ විදියට සුසුම් හෙලන්න සලස්වපු මොකා උනත්.. ඌ මහ මෝඩයෙක් තරූ.. '

ඒ සමඟම වියලීගිය දෙකොපුල් වල පෙනෙන ජම්බු පැහැය දකිද්දී ඒ මත බොහෝ වාරයක් ඒ මේ අත ගිය ජේනුක මිහිඳුකුලසූරියගේ දෙතොල්වල පහස මම දෑස පියාගෙන නැවතත් වින්දේ බරැති සුසුමක් ඉහළට ගනිමිනි.

' ඌට උඹට එහෙම කරන්න වටින්නේ නෑ තාරු.. පොඩිකාලෙ ඉඳලා එකටම හැදිලා.. උඹ ඌ අස්සෙම ලොකු වෙලත්.. උඹේ මේ විඳවිල්ල ගැන ඌට ගානක් නෑ කියන්නේ..?'

' කෙනත්ටත් මම හොඳවයින් දෙකක් කිව්වා.. ආව මෙතන ඒකාගෙ instagram දාපු පින්තූර ගැන කියවන්න.. සාරා එක්ක නට නටා ඇවිදින්නේ උඹ ඕනෙ වෙලාවක බාරගනී කියලා වෙන්න ඇති.. මගුල තමයි!'

ක්‍රිස්ටිනාගේ කෝපවත් හඬ සහ ඒ මතින් ඇසෙන ජේනුකගේ උණුසුම් සුසුම් මගේ හිස නැවත නැවතත් අවුල් කරනා බැවින් මම මොහොතක විරාමයක් ගෙන කණ්නාඩිය මත ඇති මගේ ප්‍රතිබිම්බය ඇමතුවෙමි.

' ජේනුකට ආදරෙයිද තරුකි? ඒක ඇත්තටම ආදරයක්ද?'

' ඒක නිකම්ම නිකන් ශාරීරික අවශ්‍යතාවයක්! උඹ කවදාවත් කොල්ලෙක්ට ලංවෙලා නෑ ජේනුක ඇරුනාම. '

' ඒක එහෙම නෙවෙයි.. අභිමන්යු උඹට ලංවෙන වෙලාවෙ JK හැසිරුනේ පිස්සෙක් වගේ. වැඩි කතා නැති , වලියට බර නැති JK ඌට දතක් ගැලවෙන්න ගහනකොට උඹට වයස දාසයයි.. '

'එතකොට උඹලා පොඩි ළමයි.. දැන් ජේනුක කියන්නේ තරුවක්.. සාරා වගේ හයි ක්ලාස් කෙල්ලෙක්ට උනත් පේන තරම් බබලන තරුවක්. '

' එහෙම නෑ..'

' එහෙම නැත්තෙ මොකද? මතකද නේහා ආන්ටි එකපාරක් කිව්වා.. JK ගෙ ඩැඩා හිතක් පපුවක් නැති තද මනුස්සයෙක් කියලා. මේ ඉන්නේ එයාගෙ එකම පුතා. එයාටත් හිතක් පපුවක් නැති එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. නේතන් කියන්නෙ ඇත්ත. තමුන්ගෙ හැඟීම් තේරෙන්නේ නැති මිනිස්සු වෙනුවෙන් දුක්වෙන එක මහ මෝඩ කමක්'

ඔබ දන්නව නම්Where stories live. Discover now