50 - සිදුවූ දෙයක් නොසිදවූ බව කියා පලක් වේද?

41 3 0
                                    

කාමරයේ දොර විවරවන ශබ්දය සමඟ නින්දෙන් අවදි වුනු තරුකි සෙමෙන් දෑස් විවර කලා පමණි. පියවර හඬක් සෙමෙන් පැමිණ ඈ පසුපසින් නතර වූ බව දැනෙද්දී ඈ නොසෙල්වී සිටියාය.

" ...තාම නිදි.. මම ඇහැරුනාම ආයෙත් කතා කරලා බලන්නම්.. ඔයා කිව්වට මට හිතෙන්නෙම චුට්ටක් ඇවිත් බැලුවා නම් හොඳයි කියලා.. ඊයෙ මේ කෙල්ල හිටපු හැටි දැකලා මම හොඳටම බය උනා ප්‍රසාද්!"

තමන්ට පසුපසින් හිඳ දුරකතනයට රහසින් මෙන් පිලිතුරු දෙමින් සිටි සිය මිතුරිය සිතන්නේ ඈ තවමත් නින්දේ බව කියා තරුකි තේරුම් ගත්තාය. එබැවින් ඈ එලෙසම නොසෙල්වී සියල්ල අසා සිටියේ තමන්ගේ මුරණ්ඩු කමින් පෙරදින ඈ සමඟ ඇති තරම් බහින්බස් වී ඇති පසුබිමක ඇගේ සැබෑ හැඟීම් වටහා ගන්නට නොහැකිවය. ඈ සිටින්නේ දුරකතනයට පිලිතුරු දෙමින් බවත්, අනෙක් පසින් සිටින්නේ පිරිමියෙකු බවත් තරුකි අනුමාන කළාය.

".. නෑ නෑ.. එහෙම දෙයක් නෙවෙයි.. I mean.. Something has happened between them.. But.. ( ඒ දෙන්නා අතර මොකක් හරි වෙලා නම් තියෙන බව පේනවා.. ඒත්..) "

අනෙක් පසින් කියූ දේ අතර ජේනුකගේ නම ඇසුනත් එය කුමක්දැයි තරුකිට ඇසුනේ නැත. ඔහුගේ නම ඇසෙද්දී පවා හදවත මත රත්වූ යකඩයක් තබන්නාක් මෙන් පිලිස්සෙන්නේය.

".. එපා ප්‍රසාද්.. අපි ටිකක් ඉම්මු.. මම.. මගේ අතෙත් වැරැද්දක් තියෙනවා ප්‍රසාද්! මං හින්දා ආයෙ ඒ දෙන්නා හම්බුනා.. "

සිය මිතුරියගේ වදන් වලට සයනයේ උන් ඇගේ දෙපා සීතල වනවා දැනුනත් ඈ හුස්ම අල්ලා ගත්තා පමණි.

' මොකක්ද ඒ කතාව?'

නමුත් දුරකතනයට පිලිතුරු දෙමින් ටීශා කාමරයෙන් පිටතට ඇවිද ගියේ සෙමෙන් දොර අඩවල් කරගෙන නිසා ඈට ඉතිරිය ඇසුනේ නැත.

ඈ සයනයේ කෙලින් වන්නට උත්සහ කලත් යටි බඩෙන් ආ දරුණු වේදනාවට සර්වාංගයම නැවතත් පණ නැති වී යන්නාක් මෙන් දැනුන බැවින් ඈ වේදනාවෙන් ඇඹරුනාය. වේදනාව නිසා දෑසට කඳුළු පැමිණියත් ඒ අතරින් ඔහුගේ මුහුණ මැවුනේ ඉබේටමය.

අවුල් වී ගිය පොකුටු කොණ්ඩය..
හැමදාම බාගෙට විවර වී ඇති නමුත් තමා වෙත එල්ලවෙද්දී පමණක් ලොකුවට පෙනෙනා ඒ තද කළු දෑස්..
දත්මිටි කන විටදී තදවන හකුපාඩා..
නහර ඉලිප්පෙන ඒ ගෙල..
සියල්ලට පෙර තමා දෙස බලා සිටි ඒ රකුසු මුහුණ..

ඔබ දන්නව නම්Where stories live. Discover now