23 - සූදානම් නොවෙන සිදුවීම් සමඟ

45 5 2
                                    

#තරුකි

මට ඉබේටම ජේනුකගේ සයනයෙන් අත මිදුනේ මා වෙත එල්ල වී ඇති ඒ සිහින් උකුසු නෙත්වල රැවුම නිසා ඇතිකල කම්පනයටය. පච්චීගේම පෙනුම ඇති ඔහුගේ ඇස් මා වෙතත් ජේනුක වෙතත් මාරුවෙන් මාරුවට යද්දී මම සයනය අසළින් පසුපසට අඩියක් තබවන්නට සමත් වුවත් යකඩ අතක් මා නවත්වාලීය.

මට ඉබේටම ඒ අතේ අයිතිකාරයා දෙස බැලුනි.

' පිස්සුද?'

මගේ ඇස් අසන්නට ඇත.

' බයවෙන්න එපා'

ඔහුගේ ඇස්වල තිබුනේ එයයි. ක්‍රිස්ටිනා පසුපසින් පැමිණියද හිරුක ගෝකුල ඈටත් පෙර මා අසළට පැමිණ ජේනුක දෙස බැලුවේ තේරුම්ගත නොහැකි බැල්මකි.

" අඩෝ JK! මොකද බං උනේ?"

මම මගේ අත ඔහුගෙන් අදින්නට තැත් කරමින් කරනා විගඩම ඒ ඇස් වලට නොපෙනෙන්නට තරම් ඔහු අන්ධයෙකු නොවේ.
ජේනුක! ඔයාට පිස්සුද ? ඔලුව කොහේ හරි වැදිලද?? අත අල්ලගෙන ඉන්නෙ මගේ??

" ලොකු සීන් එකක් නෑ බං. දන්නැද්ද පොඩි වලියක් ගියා"

ජේනුක මගේ අත අවසානයේ ඇද ඔහුගේ පපුවටම තද කරගනිද්දී මම රතුවන්නට ඇත.

' තරුකි! Act normal !! ජේනුක උඹේ අතින් අල්ලපු පළවෙනි දවස අදද? උඹ උගෙ කරේ ලුණුත් ගිහින් තියෙනවා ඕනෙ තරම්.. මෙතන සීන් එකක් මවන්නෙ නැතුව හිටිං'

ඒ මගේ සිතයි. නමුත් මගේ ශරීරයත් , හැසිරීමත් , මොළයත් ඒ මොහොතේ එකිනෙකට වෙන් වෙන් රාජකාරි වල නිරතවෙමින් උන්නෝය.

" ඈ! Chrischurch ඉඳලා Auckland ඇවිත් සෑහෙන්න පොඩි වලියක් තමයි දාගෙන තියෙන්නෙ නේ.. යකෝ උඹ පැය කීයක් සිහි නැතුව හිටියද? "

හිරුක එසේ කියා ජේනුකට දුන් සිනාව මට නම් ඇල්ලුවේම නැත. මම බියපත් දෑසින් උපකාර ඉල්ලා මෙන් ක්‍රිස්ටිනා දෙස බැලුවද ඈ කට ඒ මේ අත හරවා දුන් ප්‍රතිචාරය අනුව තත්වය එතරම් සුභදායී නොවූ බව පෙන්වා සිටියද මේ පිස්සා මගේ අත අතහරින්නේම නැත.

" පොඩි ඉන්ජරි එකක් තිබ්බා බං. ඒක පෑරිලා.. දැන් හරි.. අවුලක් නෑහ්"

ඊට හිරුකට ආ සිනාව! දෙවියනේ ඒ පච්චීගේ හිනාවමයි. මගේ බඩබොකු රත්වෙන්නට පටන්ගෙන තිබේ. මා දෙසට ආ බැල්මට මම අමාරුවෙන් සිනාසෙන්නට උත්සහ කලත් කන් දෙකෙන් දුම් පිටවෙනවා මිස ශරීරය මට වලංගු නොවන බවකි.

ඔබ දන්නව නම්Où les histoires vivent. Découvrez maintenant