ගැඹුරු නිහඬතාවයක් දෙදෙනා අතරත්, හුස්ම හඬ පමණක් අඩ අඳුරු කාමරය පුරාත් ඇතිවිය.
දුවගෙන ආ වේගයට තවමත් හති ලමින්, දොර වසා ඊට පිටදී සිටගත් තරුකි සිටියේ සිය අඩි උස පාවහන් සහ දුරකතනය සිය වමතින් ගෙනය. ඈට දැනුනේ දෑස් විවර කරගෙනම ඈ කුමක් හෝ සිහිනයක් දකිනවාක් මෙනි.
ජේනුක! ජේනුක මිහිඳුකුලසූරිය මෙතරම් සමීපයෙන් දකින්නට ලැබීම සිහිනයක් නොවේද? සතුටත් , වේදනාවත් සමඟ දෝලනය වන ඇගේ හැඟීම් රෝලකෝස්ටරය අවසානයේ ඇගේ දෑසින් කඳුළු කැට දෙකක් බිමට වැටුනේ වෙව්ලන කොපුල් පවා මඟහරිමිනි.
අඩ අඳුරේ තමන්ට පිටුපා සිටිනා ඒ රුව දෙස ඇගේ නෙත් ඇලවී තිබින. ඒ උස ; තලෙලු සිරුර තුල උන් තරුණයා දැන් වයසින් මුහුකුරා ගිය සිරුරක් හිමි හැඩි දැඩි මිනිසෙකු බව දැනී ඈට නැඟුනේ සිනාවකි.
' මහත්වෙලා.. තවත් හැන්ඩ්සම් වෙලා.. හොට් වෙලා..'
ඇගේ නෙත් ඔහුගෙන් ඉවතට නොගියේය. පෙරදා හිස මත වූ කපුටු කූඩුව කෙටි කොට කපා තිබුණි. එය අපිලිවෙල වුවත් ඉන් ඔහුට වඩා පරිනත බවක් ලබාදී ඇත්තේය. එකවරම ඇගේ පැරණි මතකයක් විදුලියක් සේ හිස තුල පුපුරා හැලුනේය.
' එහෙනම් එදා අර මම දැක්කෙ හිතළුවක් නෙවෙයි. ජේකේ මාව බලන්න ආවා එදා.. අද වගේම!'
ඒත් සමඟම තමන්ට පිටුපා සිටගනිමින් ගොරවා සිටිනා ඔහු දැකීමෙන් හදවත ඉවසිය නොහැකි තරමට ස්පන්ධනය වනවා දැනී දුක සිතුනි.
ඒ අතරතුර නිහඬතාවය මැද එකවරම ජේනුකට දැනුනේ අමුත්තකි. මොහොතකට පෙර තමාට දුරකතනයට ඇමතූ කෙවින් නොව , වෙනත් අයෙකු කාමරයේ සිටින බවට ඔහුට ඕනෑවට වඩා ඉඟි ලැබී තිබුනේය. හුස්මක හඬ පවා ඇසුනේය. එය ඔහුට දැනුනේය. ඔහුට වසර ගණනාවක් ගතව තිබුනත් අමතකව නොයන ඒ හැඳිනීම දැනෙන්නේ කවර තැනකටද කියා නොදන්නා මුත් , ඔහුට ඒ මොහොතේ එය හොඳාකාරවම හදවතට දැනුනේය.
' නෑ! වෙන්න බෑ!! එයා වෙන්න බෑ.. එයා මගේ පස්සෙන් ආව වෙන්න බෑ.. '
ඔහුගේ හදවත අනපේක්ෂිතව ගැහෙන්නට වන අතරතුර ඔහු මකරෙකු දෙසට හැරෙනවාක් මෙන් පරෙස්සමෙන් , ගෙල පළමුවත්, සිරුර දෙවනුවත් ලෙස ආපසු හැරුනේය. විසල් දෑස් එකවරම රවුම් වී සැනෙකින් සිහින් වී ගියේ අඳුරේ පවා පෙනෙනා ඒ රුව හැඳිනගැනීමත් සමඟය.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...