#ජේනුක
වෙහෙසකර සහ ආතතියෙන් පිරුනු දිනය අවසානයේ මම විශ්වවිද්‍යාල දේශන හමාර කොට පුහුණුවීම් සඳහා පිටත්වීමට සූදානම් වූවා පමණකි.
' හරියටම එකයි තිහට මම කෝල් කරනවා. ආන්සර් කරපං!'
එය තර්ජනයක් සහ අණක් සහිත පච්චීගේම වර්ගයේ කෙටි පණිවිඩය ලෙසටම හිරුකගේ නමින් එන ඇමතුමට දුරකතනය නාද වෙද්දී මගේ හදවත ගැහුනේය. නමුත් කලින් දවසට වඩා මට පහසුවක් දැනුනේ එදා මෙන් ඔහුගේ මුහුණ දෙස බලාගෙන කතාකරන්නට අද සිදු නොවන නිසාය.
හිරුක ගෝකුල විසින් මාගේත් තරුකිගේත් වෙනස අල්ලාගෙන මා කොටුකරගත් මොහොතේ මගේ වාසනාවට නේහා ආන්ටි කඩාපාත් වූයේ දෙවඟනක් පරිද්දෙනි. ඉන් අනතුරුව ඒ මේ අත කට්ටිපනිමින් උන් මගේ වෙත හිරුකගේ ඒ විමසිලිමත් දෑස් තිබුනු බැවින් මම හැකි ඉක්මනින් නැවත වෙලිංටන් පැමිණියද, අද උදෑසනම මේ කෙටි පණිවිඩය මගේ දුරකතනය මත වැටී තිබී
දවසම ආතතියක් ඇතිකොට තිබින." කියපං මචං.."
මම බෑගය රැගෙන ආපනශාලාව ඔස්සේ යන පටු මාර්ගයට ඇතුළු වූයේ ඒ කෙටි පාර මට පහසු නිසාත් එහි වැඩි පිරිසක් නොගැවසෙන නිසාත් ය.
" JK.. මං කතා කලේ ඇයි කියලා උඹ දන්නවනෙ.."
බරැති සුසුමක් සැලූ මම එන ඕනෑම දෙයකට සූදානම් වන්නට සිතා සිතට තට්ටුවක් දැමුවෙමි.
" හ්ම්ම්ම්.. ඔව් මං උඹව මඟෑරලා ආපු නිසානේ"
" හ්ම්ම්.."
හිරුකගේත් මගේත් අතර එදා සිටම පැවති , අප දෙදෙනාටම ආවේනික වූ ආචාර විධි සහ නීති කිහිපයක් විය. ඔහුගේ පාසල් සමයේදී කරනාලද අටෝරාශියක් නොසණ්ඩාල වැඩ වලටත්, කෙල්ලන්ගේ හුටපට වලටත් , නිවසින් ආවරණය ලබා දුන්නේ මම බැවින් ඔහු මට කිසිදා බොරුවක් කියා නැත. ඊට අමතරව මගේ යම් යම් හොරවැඩ ගැන මම ඔහුව සැමවිටෙකම දැනුවත් කලේ නිවස තුලදී අහසිගේ කේලම් වලට හසු නොවෙන්නටය.
කොටින්ම මගේ පළමු දුම්වැටියේ අත් හදා බැලීම සිදුවූයේ පවා ඔහු සමඟය. අප අතර තිබුනේ එවන් නොපැවසූ සබඳතාවයකි. ඒ වාගේම සෑම මාතෘකාවක් ගැනම මා හා ඔහු විවෘතව සංවාදයේ යෙදුනෙමු. කොල්ලන්ට ඇති කුතුහලය සහ අත් හදාබැලීම් වලදී ඔහු මගෙන් ඒවා විමසන්නට පැකිලුනේ නැති අතර මම ඔහුව ඉන් judge නොකරන්නට පරෙස්සම් වීමි. එබැවින් අපේ කතා අවස්ථානුකූලව කෙටි වුවත් සැමවිටෙකම විවෘත විය.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...