36 - කවදාවත් අමතක නොවෙන නොදන්නා දේ

34 3 0
                                    

#ජේනුක

'මරේ මරු!'

පන්දු වාරයේ අවසාන පන්දුවට පහර දෙමින් උන් අප කණ්ඩායම් නායක විලියම් එල්ලකල දැවැන්ත හයේ පහර සමඟින් මමත් , සෙසු ක්‍රීඩකයින් සියල්ලෝමත් ක්‍රීඩා පිටියට දිවගෙන යද්දී දැනුනේ වෙනමම හැඟීමකි. එය කුමන හැඩයකින් හෝ පැහැයකින් යුතුදැයි මින් පෙර දැනී තිබුනේ නැත. ලාංකිකයෙකු වූ මම , නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් , ලංකාවේ කණ්ඩායම පරාජය කිරීම?

ඔහ්! මේක හරිම වෙනස්!!

තරඟාවලියේ පළමු පන්දුවාර පනහේ තරඟය තරමක පහසුවකින් කඩුළු පහක් අතැතිව ජයග්‍රහණය කිරීම නිසා මම සිටියේ ඒ සතුට මගේ කණ්ඩායම් සගයින් සමඟ විඳීමට සූදානම් වෙමිනි.

සතුටත් දුකත් අතර ඇති හැඟීම් රෝලකෝස්ටරයක ගමන් කරමින් මම පිටියේ සිට ලංකාවේ කණ්ඩායම නියෝජනය කරනා තරුණයින්ට අතට අත දෙද්දී කිහිප දෙනෙක්ම මගේ පිටට තට්ටු කලහ.

" උඹ අපිටම කෙලියා නේ?"

ඔවුන් සිනාසෙමින් පැවසුවද මට එය තරමක් වෙනස්ව දැනුනු බව සත්‍යකි. ඊළඟට පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසීමට උන් මට ඒ අවස්ථාව අහිමි වුවත් , කිසිදු කඩුල්ලක් ලබා නොගෙන වුවත් පන්දු යැවීමේදී ලංකාවේ කණ්ඩායමට සෑහෙන පීඩනයක් එල්ල කරමින් ඔවුන්ට අඩු ලකුනු ප්‍රමාණයක් ලබාදීම කාගේත් අවධානය දිනාගෙන තිබින.

' මේ නම් ලංකාවේ නිශ්පාදනය වෙච්ච නවසීලන්තයේ ලසිත් මාලිංග කෙනෙක්! '

'ජේනුකගේ කැපකරු පියා ලංකාවේ කාලයක්  ජාතික කණ්ඩායම නියෝජනය කරපු ප්‍රභල ක්‍රීඩකයෙක්! '

තරඟ විස්තර විචාරකයින් තරඟය අතරතුර මා ගැන එසේ කියූ බව මම පසු කාලයක දැනගත්තෙමි.

ලංකාවේ කණ්ඩායමේ ප්‍රභල කඩුල්ලක් වූ චරිත අසලංක දුවද්දී දවාගන්නට මම දායක වූයේ කඩුල්ල වෙත කෙලින්ම එල්ලකල ඒ පන්දු විසිකිරීමයි. එබැවින් මගේ නම තරමක් දුරට පිටියේ සනිටුහන් වූ බව මට දැනී තිබින.

තරඟ අවසානයේ පැවැත්වූ ත්‍යාග ප්‍රධානෝත්සවය නිමවී අපගේ නවාතැනට පැමිණෙන අතරතුර මට මඟහැරුනු දුරකතන ඇමතුම් වල අංක එකින් එකට අමතමින් ඔවුන්ගේ සුභපැතුම් පිලිගත්තෙමි.
ක්‍රිකට් ගැන කිසිවක් නොදන්නා වුවත් කෙනත් මගේ ජයග්‍රහණය ගැන අවංකවම සතුටු වන බව ඔහුගේ හඬ තුල හොඳින්ම පෙනුනි. හිමාල් අංකල්ගේ දරුවන් වූ අකිත් සහ අකිත්මා මෙන්ම පවුලේ හිතවතුන් පවා කෙටි පණිවිඩයකින් මට සුභපතන්නට අමතක නොකලහ.

ඔබ දන්නව නම්Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ