#තරුකි
සීතල යමක් මගේ මුහුණ පුරා වැටෙනවා දැනීමෙන් මම යන්තමින් පියවි සිහියට එන්නට තැත් කරමින් ඉඳිද්දී මගේ හිස ඉහත්තාවෙන් සැනසීමක් ලැබෙන කටහඬක් ඇසුනි. දෙකන්වලින් එන 'ශෝ' හඬ ඉන් වියැකී යන්නට විය.
" කෝ ඇස් අරින්න දැන්.. "
ඇස්වල පෙනීම ලැබෙන්නට පෙර මම අත ඔසවා ඒ හඬ එන දිසාවට දිගුකරන්නට උත්සහ කලත් මගේ අත මට වලංගු නොවීය. මගේ කම්මුල් වලට මෘදු තට්ටුවක් පැමිණියේ ඔය අතරය.
මට ඉබේම කෙඳිරිගෑවෙන්නට ඇත.
" සිහිය ආව මචං.. නටන්නෙ නැතුව හිටපං"
" බෑ බෑ කෝල් කරපං ඇම්බියුලන්ස් එකක් දැන් මාව යකා කරගන්නෙ නැතුව"
" පිස්සුද යකෝ.. සිහිය ආවනෙ.. ටිකක් බලලා මට කෝල් එකක් දියං"
වට පිටාවේ ඇසෙන දෙබස් අනුව තවත් අයෙකු; නෑ ඒ කෙනත් ; මෙතැන සිටිනවා දැනී එක සැනෙකින් මම සිටින්නේ කොහිද, මට සිදුවූයේ කුමක්දැයි සිහියට නඟා ගන්නට උත්සහ කරද්දී මගේ මුහුණට උඩින් ඔහුගේ ඒ වදවුනු මුහුණ ( worried face) පෙනුනි.
"තරූ.. තරූ.. Are you ok ( ඔයා හොඳින්ද)?"
" හ්ම්ම්"
යන්තම් හිස සලාගන්නට මට හැකි වූ අතර ඔහු මා කෙලින්කොට හිඳුවා ඔහුගේ පපුවට තුරුල් කරගත්තේ අවුල් වූ මගේ හිසකෙස් ඉවත්කොට මුහුණ පාදා ගනිමිනි. මගේ මුවට වතුර බෝතලයක් ලංකල ඔහු එය සෙමෙන් මම පානය කරන තුරු කුඩා දැරිවියක මෙන් මා පිරිමදින්නට විය. මට සහනයක් දැනුණි.
" මොකද උනේ?"
මදක් ඈතින් කෙනත්ගේ හඬ ඇසෙද්දී එකවරම මම දෙවියන් සිහිවී මගේ ඇඟ ඇති ඇඟලුම් දෙස බැලුවෙමි. මම සිටියේ සම්පූර්ණයෙන් බ්ලැන්කට්ටුවකින් ආවරණය වී බව දකිද්දී මට ඉබේටම ජේනුක දෙස බැලුණි.
"... ආ හරි හරි.. ඒක නෙවෙයි මං ඇහුවෙ කලන්තෙ හැදෙන්න මොකද උනේ කියලා? මූ කියන අපබ්රංස මට තේරෙන්නේ නෑ.. එක්කො මොකක් උනත් මට දැනගන්න ඕන නෑ මං දැන් යනව"
කෙනත්ගේ හඬ ආ දෙස බලන්නට නොහැකිව මම හතර අතේ ඇඹරෙමින් මුහුණ ජේනුකගේ පපුවේ සඟවා ගත්තෙමි.
VOUS LISEZ
ඔබ දන්නව නම්
Roman d'amour⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...