ජේනුක සිය දෑත් වලට බර කරගත් හිස බිමට නමාගෙන බොහෝ වේලාවක් තිස්සේ තදකරගෙන උන් සුසුම් වේගයෙන් සලන්නට වූයේය. හිස දෙපසින් නැඟෙන වේදනාවට වඩා වම් පෙනහල්ල පසාරු කරගෙන දැනෙන වේදනාව ඔහු ඒ සුසුම් ඔස්සේ පිටකර හරින්නට කල උත්සහය එතරම් සාර්ථක වූයේ නැත..
හෝරාවක් තිස්සේ නාදවන දුරකතනය නැවතත් ගුගුරන්නට වූයේ 'බෲම් බෲම්' හඬිනි. ඔහු ඒ ගැන වගක්වත් නොමැතිව නැවතත් ඔහුගේ සවන් මත පතිතවුනු ඒ විස්තරය සිහි බුද්ධියෙන් මෙන් නැවත ආවර්ජනය කරන්නට උත්සහ කලත් , එය පහසු වූයේ නැත.
'... මිස්ට මිහිඳුකුලසූරියට මම කලින් පැහැදිලි කරල දුන්න වගේ මේ වැඩේට හොඳම ඩොක්ටර් මට කතා කරලා ඔක්කොම ලෑස්ති කරන්න පුලුවන් කිව්වත් , මං හිතන්නේ මිස්ට මිහිඳුකුලසූරිය තව ටිකක් කල්පනා කරල බැලුවොත් හොඳයි කියලා හිතනවා.. මොකද පේෂන්ට් වෙනුවෙන්..'
තමන්ගේ ඉවසීම ඉන් එහාට වෛද්‍යවරියට කතා කරන්නට ඉඩක් දුන්නේ නැත.
' නෑ ඩොක්ටර්.. මේක වෙනසක් කරන්න බෑ. මම එයාව මෙහාට ගෙනාවේ , ලංකාවේ මගේ මඟාරින්න බැරි වැඩක් තිබ්බ හින්දා මිසක් තීරනේ වෙනස් වෙලා නෙවෙයි.. වියදම් ගැන නෙවෙයි.. හොඳම දේ කරන්න ඕනෙ..'
ඒ හඬ තුල තිබුනු තියුනු බව වේදනාවක සෙවනැල්ලක් බව දත් වෛද්‍යවරිය සුසුමක් සලා සිය 'රාජකාරිය' පමණක් කරන්නට නැවතත් තමන්ටම අවවාද කරගත්තාය.
මිනිසුන් අසංවේදී වන්නේ ඉතාම සංවේදී තැන් වල ඇති දුර්වලතා සඟවන්නටය. සංකීර්ණ මනෝභාවයන් සහ තත්වයන් යටතේ ඉතා තද තීන්දු පසුපස , අතිශය මෘදු හේතු මුවා වන්නේය.
ඔහුගේ ආවර්ජනය බිඳිමින් , අසළ වූ දොර විවර කරමින් ආ පුද්ගලයා වෙත ඔහුගේ සම්පූර්ණ අවධානය යොමුවී යන්නේ ඔහු සිය දෙපා වලින් සිටවමිනි.
" මිස්.. ? මිස්..සිස්.. චාරු..ක්.."
අත ඇති ලිපිගොනුවේ ඇති නම මගක් කියවන පමාවට ජේනුක ඔහු ඉදිරියේ සිටගත්තේය.
" ඔව්?"
" හ්ම්ම්ම්ම්.. ඔක්කොම හරි. ඩොක්ටර් කිව්වා ඩිස්චාර්ජ් කරන්න පුලුවන් කියලා. මේ ලෙඩේ හැටියට ෆිට් එක එන්න පුලුවන් වරින්වර. ඒකට කරන්න ඕන ප්ලෑන් එක දැනටමත් මේල් කරලා තියෙන්නෙ. මගේ රෙකමන්ඩේෂන් එක නම්.."
![](https://img.wattpad.com/cover/341255565-288-k937972.jpg)
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...