තුන

4.5K 547 37
                                    

සාමන්‍ය විදියට දවස් ගත වුනා. අම්මාටත් අසනීප ගති අඩු වුන එකෙන් මගේ හිතට දැනුනෙ ලොකු සහනයක්. හැබැයි සුදු පුතාගෙ ප්‍රශ්න තමයි කටේම තිබුනෙ. ඇත්තම කියනවා නම් ගෙදර ඉන්න එකත් එපා වෙලා හිටියෙ මට. කොහෙවත් යන හාල්පාරුවෙක් බදාගෙන අපේ අම්මත්.
මං මොනවා හරි අනිත් පැත්තට කිව්වොත් 'ඉරිසියා කරන්න එපා හිමාන් ඒ දරුවට' කියාගෙන පටන් ගන්නවා ආයෙම.
වැඩේමයි මට ඉරිසියා කරන්න. නොළුම් මලෙන් ඉපදුනු කුමාරයනෙ!

වෙලාවට එදා මහසෝන් සන්නියෙන් පස්සෙ මිනිහව හම්බුනේම නෑ මට. ඒක ලොකු දෙයක්. නැත්තම් ඒ මූණ දැක්කම දවසම හැඳි ගෑවිලා යනවා. ගෙවල්වල මිනිස්සු ජීවත් වෙනවා ඇති ඒකගෙ, ඔය මූණ උදේ හවා දැක දැක!

ඇත්තටම තේජාන්ලා මෙහෙට ඇවිත් වැඩි කලක් නෑ. අවුරුදු තුන හතරක් ඇති. අම්මා නම් මුල් කාලෙ ඉඳන්ම වගේ චිත්‍රා ඇන්ටිලව අඳුන ගත්තට මං නම් ඇත්තටම ඒ ගෙදර තේජාන් කියලා කෙනෙක් ඉන්නවා කියලා හුඟ කලක් යනකල් දැන්ගෙන හිටියෙ නෑ. කලින් කිව්වා වගේම එයා ගැන දැනත්තෙ කොයි කාලෙද කියලා මට මතකෙකුත් නෑ. එක පාරටම එයා හිටියා. මගෙ හිතට මහා වදයක් වෙලා පළු යන්න හිතින් බැනුම් අහ අහම හිටියා.

එයාලා කලින් ඉඳලා තිබුනෙ කොලඹ. අම්මා කියන හැටියට එහේ වටපිටාව ඒ තරම් හොඳ නැති නිසා නිදහසේ ඉන්න තමයි ගමකට ඇවිත් තියෙන්නෙ. වයසක ජෝඩුවකට ඕක හරි වුනාට තේජාන් වගේ කොල්ලෙක් මොකටද කොළඹ දාලා ගමට එන්නෙ? ගමේ කටකතාව ගියේ තේජාන් බීලා, නාස්ති වෙලා වටපිටාවෙ රණ්ඩු කරගන්න ගිහින් ඒ පැත්තෙ ඉන්න බැරි තත්වෙට වැටුනු නිසා ආවා කියලා. ඒක කොහොම වුනත් මෙහේ ආවට පස්සෙනම් එහෙම බීගෙන කෑගහන තේජාන් කෙනෙක්ව කවුරුත් දැකලා නෑ.
මිනිහා මුලින් මුලින් එලියටවත් නොබැහැ ගේ අස්සෙම හිටියට පස්සෙ ටිකෙන් ටික සමාජ ආශ්‍රෙට වැටුනා. ඒත් මහා මොකද්දෝ උද්දච්ච කමකින් තමයි හැමවෙලේම හිටියෙ. හරියට නිකං 'තමුසෙලා මගේ ගොඩේ බයියොනෙ' වගේ ලුක් එකක් දාගෙන.

මිනිහා පස්සෙ ගරාජ් එකක් දාගත්තා. ඇත්තටම ඒක නම් හුඟක් වටින වැඩක් වුනා. ගමේ කොල්ලො දෙන්නෙක් ඒකෙ වැඩටත් සෙට් කරගත්තා. තේජාන්ලට සල්ලි තියෙනවා. ඒ නිසා ලොකුවට වැඩේ පටන් ගන්න එක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මිනිහට මං හිතන්නෙ.

කඩුපුල් (Complete)Where stories live. Discover now