ප්රශ්න එනකොට එන්නෙ එක පොදියට ඉවරයක් නැතුව. ඉතින් මේ ගෙවෙන්නෙ අපි දෙන්නගෙ ජීවිතවලත් ඒ වගේ කාලයක් මං හිතන්නෙ.
එදා අරුන්ට අහු වෙච්ච වෙලේ මං ජීවිතේටවත් හිතුවෙ නෑ මට ආයෙමත් බේරිලා එන්න පුළුවන් වෙයි කියලා. බැරි වෙලාවත් උන් මාව පාවිච්චි කරලා තේජාන්ට උගුලක් අටවන්න යනවා කියලා දැන ගත්තෙ නැත්තම් මං කවදාවත් එතනින් බේරිලා එන එකක් නෑ තමයි.
සමහර වෙලාවට ජීවිතේ හෙම්බත් වෙලා තවත් එක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ කියලා දැනුනත්,
ජීවිතේට වඩා මැරෙන එක දාහකින් සම්පතයි කියලා දැනුනත් ඒක එහෙම නෙමෙයි. එදා උන්ට අහුවෙලා නොවිඳින දුක් විඳිද්දි මගේ අසනීපයි හැමදේම එක්ක මට හිතුනෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බෑ කියලා. ඒ නිසාම ජීවිතේ වෙනුවෙන් සටන් කරන්නවත් මහන්සි නොවී මං මරණයම තෝර ගත්තා. සැනසෙන්න තියෙන ලේසිම ක්රමේ ඒකයි කියලා හිතුවා.
ඒත් මං වැරදියි. ජීවත් වෙන්න ඇති තරම් ශක්තියක් මං ගාව මේ හැමදේකටම පස්සෙත් ඉතුරු වෙලා තියෙනවා. මට සැනසෙන්න පුළුවන් හොඳම තැන මගෙ ඇස් ඉස්සරහ පිටම ඉන්නවා.
එදා මං මට මැරෙන්න ඉඩ දීලා බලාගෙන හිටියා නම් ඒක මොන තරම් නම් අපරාදයක්ද?එදා අර මිනිහට පිහියෙන් ඇනලා ඇවිත් වතුරට පනිද්දි මට තිබුනෙ එකම බලාපොරොත්තුවයි. ඒ, මං මෙච්චර දුරක් ආවා වගේම, තේජාන්ව ආයෙත් එකම එක සැරයක් දකින්න ලැබෙනකල් මට මගේ පණ අල්ලගෙන ඉන්න ඉඩ ලැබෙන්න කියලා.
අඩුම ගානෙ එයාගෙ උකුල උඩ ඉඳන් අන්තිම හුස්මවත් හෙලන්න ඉඩ ලැබෙන්න කියලා.
ඒත් අන්තිම හුස්ම වෙනුවට අලුත් හුස්මක්ම ගන්න ඉඩ ලැබුනා මට එයා ලඟදි. ආයෙමත් ඒ රස්නෙ පපුවට තුරුල් වෙන්න, ඒ සුවඳ හෙමින් සීරුවෙ හිතේ ඇතුලටම කාවද්ද ගන්න මට ලැබුනා.ඉතින් ජීවිතේ අසාදාරණයි කියලා මං කවදාවත් කියන්නෙ නෑ. ජීවිතේ සාදාරණයි. අමාරුම අමාරු පාරක් දිගේ ඇවිදගෙන යන්න වුනාට මට කමක්නෑ, මගෙ ආදරේ, මගෙ ජීවිතේ, මගෙ තේජාන් මං ලඟම ඉන්නවා නම්.
ඒත් ඉතින් මගේ හිතට වේදනයි තේජාන්ගෙ තුවාල දකිද්දි. ආයෙමත් අතකුයි කකුලකුයි කැඩිලා. අර යක්කු මේ මනුස්සයට මොන වදයක් දෙන්න ඇතිද?
හැබැයි ඉතින් මේකා තාම එදා වගේම බක පණ්ඩිතයි. එකා වෙනුවෙන් දුක් වෙන්න හැටියක්වත් නෑ හිතේ අමාරුව යන්න. පටන් ගන්නවා කියවන්න නිකං හරියට ප්ලාස්ටික් වලින් වගේ ඌව හැදිලා තියෙන්නෙ.
හිතාගෙන ඉන්නෙ හෙනම වැඩ්ඩා කියලා.
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?