තිස් නවය

2.6K 360 12
                                    

මං ඇහැරුනේ සීතලක් දැනිලා. මොකද්ද ඒ වෙන්නෙ?මගේ බෙල්ල, අත්, පපුව පුරාම ඒක යනවා. ඇඟේ අනිත් හැමතැනක්ම ගිනිගන්න රස්නෙකින් වැහිලා තියෙද්දි තැන් තැන් වලට විතරක් දැනෙන ඒ සීතල මට මහ කරදරයක් අප්පා.
මං හැදුවෙ ඒක තල්ලු කරලා දාන්න. මට ඕනෙ හොඳට නිදාගන්න. පුදුම නිදිමතයි. ඇස් අරින්නවත් හිතෙන්නෙ නෑ. ඒත් ඒක කරන්න හැටියක් නෑ ගොළුබෙල්ලෙක් වගේ ඇඟ පුරාම යන මේ සීතල නිසා.

ඒත් කාගෙදෝ අතක් මගේ අතින් අල්ලගෙන ආයෙම සුපුරුදු සීතලම මට දෙන්න ගත්තා. මොන කරුමයක්ද! මොකද්ද මේ? ම්... ඒ තෙත රෙදි කෑල්ලක් වගේ. මාව කවුදෝ පිහිදානවා.

මං අමාරුවෙන් ඇස් ඇරියා. බලද්දි අම්මා. රෙදි කෑල්ලක් තෙම තෙම මිරික මිරික එයා මාව පිහිදානවා. මගේ දිහා බලන්නෙත් නෑ.
කතා කරන්න කට ඇරියට උගුර වේලිලා. සද්දෙ පිට වෙන්නෙත් නෑ.

"අ....අම්මා"
උගුරෙන් යාන්තමට සද්දයක් ආවෙ. බලු පැටියෙක් කෙඳිරි ගානවා වගේ. අම්මට ඇහුනෙත් නැද්ද කොහෙදෝ.

"අම්මා!"
ටිකක් හයියෙන් යාන්තම් කෑගහගන්න පුළුවන් වුනා ඒ පාර නම්.

"පුතා!"
අම්මා ගැස්සිලා මගේ දිහා බැලුවා.

"අනේ! මගේ පුතා,
මාව ඇහෙනවද රත්තරනේ?"
එයාගෙ මූණ ඇඹුල් වෙලා හෝ ගාලා අඬන්න පටන් ගත්තා. වෙවුලන අත්වලින් මගේ මූණ අතගගා එයා අඬනවා.
අඬන්න එපා අම්මෙ, මට මගේ අත උස්සගන්නවත් පණක් නෑ ඔයාගෙ කඳුළු පිහිදාන්න.

"අම්මා, අඬන්න එපා.
මට අමාරුවක් නෑ"
මං කිව්වෙ බලාගෙන ඉන්න බැරිම තැන.

මේ වෙද්දි ආයෙම මං ඉන්නෙ ඉස්පිරිතාලෙක කියලා මට තේරිලා තිබුනෙ. ටිකක් හෙමීට ඉස්සිලා වාඩි වෙන්න කියලා අත්දෙක ඇඳට තියලා බරදෙද්දිම මට මාරම වේදනාවක් දැනුනෙ. වම් අත! ඒක මාරෙටම රිදෙනවා.

බලද්දි අතට තඩි සේලයින් කට්ටක් ගහලා. හැබැයි ඒකට කනෙක්ට් කරලා තියෙන බටෙන් එන්නෙ සේලයින් නම් නෙමෙයි. ඒකෙන් එන්නෙ ලේ. බටේ දිගේම උඩට බලාගෙන යද්දි ස්ටෑන්ඩ් එකක ගහලා තිබ්බ ලේ පිරිච්ච බෑග් එකයි, ඒකෙන් බින්දුව බින්දුව හේමීට වැටෙන ලේ බින්දුයි මට පේන්න ගත්තා.
ඒ දිහා බලාගෙනම මං අම්මට ආයෙත් කතා කලා.

කඩුපුල් (Complete)Dove le storie prendono vita. Scoprilo ora