තේජාන් ගෙදර ගියේ මට ඇඳුමුයි දවල්ට කෑමයි ගේන්නම් කියලා. අම්මවත් ඒ ගමන් ශේප් කරන්නම් කිව්වා. ඔය කිව්වට අර දොර ගාවින් මිනිහා මතුවෙනකල් මට කිසිම විශ්වාසයක් නෑ ආයෙම එයිද කියලා. කලින් පාර වගේ සේරම ලට්ට ලොට්ට ටික සිකියුරිටි එකට දීලා යයිද දන්නෑ. දාහක් පොරොන්දු දීලා තමයි ගියේ නම්. ඒත් හිතේ තියෙන මන්ස්ගාත සේරටම වඩා වැඩියිනෙ.
අනේ! තේජාන් ඉස්සර කවමදාකටත් වඩා මට අද ඔයාව ඕනෙ. මාව තනි කරන්න එපා ප්ලීස්!අපි දෙන්නම කතා වුනේ අම්මගෙන් දැනට මේක හංගලා තියන්න. අම්මට කෝල් එකක් දීලා සුනෙරට අසනීප නිසා ඒකා ලඟ නවතිනවා කියලා කිව්වෙ. වෙලාවට සුනෙරයා ටිකක් දුර. ඒ නිසා අහුවෙන්න තියෙන චාන්ස් එක සෑහෙන්න අඩුයි. අම්මා නම් ඉතින් ටිකක් කෑගැහුවා, ලෙඩ අඩු වෙච්ච ගමන් ආයෙම පටන්ගත්තා රෝන්දෙ යන්න කිය කිය. ඒත් ඉතින් ඔය කෑගැහිල්ල දවස් දෙක තුනයිනෙ.
ඔක්කොටම වඩා වැඩේ කියන්නෙ ලබන සතියෙ තමයි මට කැම්පස් පටන් ගන්න තියෙන්නෙ. අම්මට ඔය දවස් හරියටම මතක නැති වුනාට, මං දිගටම නොයා ඉද්දි අනිවාර්යයෙන් අහු වෙනවා. මේ ඔක්කෝටම කියන්න බොරු ලෑස්ති කරගන්න වෙනවා දැම්මම.
ඒත් මෙහෙම ඉද්දි කිසිම දෙයක් ගැන කල්පනා කරන්නවත් හිතෙන්නෙ නෑ අප්පා. ඔක්කොටම වැඩිය මට බයයි. මරණයේ අඩවියට ආවා වගේ මට දැනෙන්නෙ.
තේජාන්! එන්නකො මගේ ලඟට!!මං, ඉස්සරහ තිබුන ඔරලෝසුවෙ කටු කැරකෙනවා බලාගෙන හිටියා. වෙලාවකට මට හිතුනෙ මේ හැමදේම බොරුවක් කියලා. මේ නපුරු හීනෙන් එකපාරටම මං ඇහැරෙයි කියලා. කෝටිම්ම මං මාවම කොනිත්තගෙනත් බැලුවා. ඒත් ඉතින් මේක හීනයක් නෙමෙයි. අද ඉඳන් මේක තමයි මගේ ඇත්ත.
"මල්ලි, අදද ආවෙ?"
එක පාරටම කවුදෝ මට කතා කලා. බලද්දි කොල්ලෙක්. ඔළුවෙ එකම කොණ්ඩ ගහක් නැති කොල්ලෙක්. මූණ වැහැරිලා, ඇස් යට කළු වෙලා.
මෙහෙම කියන්න නරකයි තමයි. ඒත් මට ඒ කොල්ලත් එක්ක කතා කරන්න හිතුනෙ නෑ. එයා දිහා බලද්දි මට මාවම මැවිලා පේනවා. ඒ වගේම වැහැරිලා. ඒ වගේම අබලන් වෙලා. මට ඕනෙ වුනේ මෙතනින් පැනලා ඈතකට දුවලා යන්න!
ඉතින් මං ගල් ගිලලා වගේ වචනයක්වත් නොකිය ඔහේ බලාගෙන හිටියා.
![](https://img.wattpad.com/cover/341744744-288-k945031.jpg)
ESTÁS LEYENDO
කඩුපුල් (Complete)
Ficción Generalමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?