පනස් එක

2.6K 316 21
                                    

මං ආදරේ වෑහෙන ඇස් වලින් තේජාන් දිහාම බලාගෙන හිටියා. එයා ලස්සනයි. ඊටත් වඩා එයා කඩවසම්. ජීවිත කාලෙම වුනත් ඇස් පිය නොහෙලා මට එයාව චිත්‍රයක් වගේ විඳින්න පුළුවන්.
ඒත් ඊටත් වඩා මං ආස දේවල් තියෙනවා.

එහෙම්ම තේජාන්ව ඇඳ උඩට පෙරලගෙන එයාගෙ ඇඟ උඩින් දිගා වෙලා මං ඒ බෙල්ල අස්සෙ මූණ ඔබා ගත්තා.
සනීපයි.
සුවඳයි.
හැමදාම තේජාන්ට තුරුල් වෙලා මෙහෙම ඉන්න තියෙනවා නම් මට වෙන මොනවද ඕනෙ? මුළු ජීවිතේම ඔට්ටු අල්ලන්න වුනත් මං ලෑස්තියි එයත් එක්ක ගෙවන එකම එක පැයක් වෙනුවෙන්.
මගෙ ජීවිතේ! මගේ පණ!!

ඒත් ඉතින් තේජාන් ලඟම ඉඳන්, ඒ සුවඳ විඳින ගමන් සංවරව ඉන්නවා කියන එක මට කරන්න තියා හිතන්නවත් බැරි වැඩක්. දත් වලින් හෙමින් හෙමින් ඒ බෙල්ල පුරාම රෝස පාට මල් පෙති පාට කරන ගමන්, ඒ චිත්‍ර තවත් හැඩ වෙන්න මං දිවෙනුත් ඒවා තෙත් කලේ, ආයෙත් මගෙ අත් එයාගෙ ඇඟ පුරාම දඟ කරන්න පටන් ගනිද්දි.

"හිමාන්!!!
යකෝ, මට අනුකම්පා කරපං හු#තෝ,
මං දැන් සූප්පු කරලා අහක දැම්ම උක් දණ්ඩක් වෙලා ඉන්නෙ.
මගෙ අවුරුදු ගානක පෝශනය බං ඒ වැය වුනේ.
උඹට නම් යෝධ බල යෝධ වීරියද කොහෙද, බොරුවට හුරතල් වෙවී මට බෑ කිය කිය ඇඬුවට.
චූට්ටකට මගේ අවයව වලට නිවාඩුවක් දීපං මචෝ!
බලපං ඒවට කරන්ට් එක වැදිලා වගේ. නැගිටගන්න බැරුව වෙවුල වෙවුල ඉන්නෙ"

හයියෝ! මේ මිනිහට නම් පිස්සු අප්පා. මොනවා කියවනවද මන්දා.
ඒ බෙල්ල අස්සට මූණ ඔබාගෙනම මං පණ යනකල් හිනා වුනා. තේජාන්ගෙ මූණ බලන්න එක පාරටම මට ලැජ්ජයිත් වගේ. ඒත් එයත් ඉන්නෙ සතුටින් කියලා මට දැනෙනවා.

"හිමාන්, සිරාවට බං,
මට වේල් පහක් විතර කොත ගහලා බත් පිඟන් පිටින් ගිලින්න් වෙයි යකෝ, උඹව කසාද බැන්ද දවසක. නැත්තම් කොහේ බේරෙන්නද උඹත් එක්ක.
උපාසකයා වගේ හිටියට තෝත් ලේසි බඩ්ඩක් නෙමෙයි නේ?"

එයා මාව අවුස්සගන්න බලාගෙන වගේ කියවනවා. ඒත් ඇත්තටම එයා කියපු වචන දෙක තුනක් නිසා අනිත් දේවල් මගේ ඔළුවට ගියෙත් නෑ.

"ඔයා ඒ ඇත්තටමද කිව්වෙ?"

"නැතුව යකෝ! බලපං කකුල් දෙක උස්සගන්නවත් බෑ. තාම වෙවුලනවා!"

කඩුපුල් (Complete)Dove le storie prendono vita. Scoprilo ora