මහසෝනා නරකමත් නැති පාටයි. මහන්සිවෙලා ගෙදර ආවම මට නාගන්න දීලා, රහට කන්නත් හදලා දුන්නනෙ මොනා වුනත්.
නිදාගන්න ලැබුනෙත් ලස්සනට බෙඩ් ශීට් දාපු ඇඳක් එක්ක සුවඳ ගහන කාමරයක්. මේකත් නරක නෑ හැබයි. මාස දෙකකට විතර සැරයක් බෙඩ් ශීට් අයින් කරන, කෑම කාලා ඉතුරු වෙච්ච පිඟන්, තේ බීලා ඉතුරු වෙච්ච කෝප්ප එහෙම ගොඩ ගහගෙන ඉඳලා, අන්තිමේ වලං, තේ පෝච්චි වල කන්න බොන්න වෙන මට්ටමට ආවම අම්ම්ගෙ ටොකු කාගෙන අරන් යන මට්ටමේ තියෙන මගේ හපුටු කාමරේ නිදියනවට වඩා මේක මරු සැප
අපරාදෙ මගේ ලොකුකමට අද ගෙදර ගියානම් එහෙම.
හෝටලයක් පරාදයි අප්පා.
කෑම බීම ඇඳ ඔක්කොම නොමිලේ!මහන්සියටම බබා වගේ නින්ද ගියා මට.
උදේ ඇහැරුනාම තමයි හෝන්දු මාන්දු වෙලා ගියේ. දැන් මං කෑම උයන්න ඕනද? තේ හදන්න වෙයිද?
මහසෝනා ඇහැරිලා ඇද්ද?
හිතාගන්න බෑ ඉතින්.
කෝකටත් කුස්සියට යන එක හොඳයි කියලා අන්තිමේ මං හිතුවා. මොකද මං ආවෙම ඔලු බක්කගෙ උදව්වට කියලනෙ. අනික ඒකව ශේප් කරගත්තම අද මගේ ප්ලෑනටත් වාසි.කුණුකෙල පිටිම්ම ඉතින් කුස්සියට ගියා. යද්දි දෙයියො වැඩැම්මුවා වගේ තේකක් තියෙනවා මේසෙ උඩ. මහසෝනා ඉන්නවා ලිප ලඟ.
"ම්හ්ම්.."
මං පොඩ්ඩක් උගුර පෑදුවා."අහ්! පුංචි හාමු නැගිටලානෙහ්.
ඔන්න තේ හදලා තියෙන්නෙ"අඩේ! මේකා සිරාවට මරු අප්පා. මගේ පිනට තමා ඉතින් මේවා මෙහෙම පල දෙන්නෙ.
"අහ්! තැන්කිව් අයියෙ.
මට පොඩ්ඩක් නින්ද ගියානෙ. ඉතුරු ටික මං කරන්නම් අයියෙ. මට දෙන්න"මාත් ඉතින් බටර් තලියක්ම ඇතිල්ලුවා. මොකද අද වැඩේ ගස් කරගන්න බෑ.
"හ්ම්... මං බත් එක ගැහුවා.
පරිප්පු විතරයි හැදුවෙ. ෆ්රිජ් එකේ බලලා තව මොනාහරි එහෙනම් හදපං බං"මාත් ඉතින් තේක බොන ගමම්ම ෆ්රිජ් එක අස්සට ඔලුව දැම්මා.
මේ තේකත් මරු හැබැයි. හැමදාම බැරි වෙයිද දන්නෑ මුන්දැට කියලම එකක් හදාගන්න."මේ...
පරිප්පු ඉව්ව නිසා, ගොටුකොළ සම්බෝල හදලා, මාළු බදින්නද?"
මං ඇහුවා, මොකද ඒ දෙක මගේ ෆේවරිට්.
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?