පනස් දෙක

2.3K 315 19
                                    

දවස් ගෙවිලා ගියේ වේගෙන්. ආයෙම තේජාන් මාව මගෑරියෙ නෑ. අපි හැමදාම  මුණ ගැහුනා. කතා කලා. රණ්ඩු වුනා. විහිළු කලා. රටේ තියෙන කෝලම් ඔක්කොම කලා.

යාන්තමට ඇණ දෙකකින් විතරක් එල්ලිලා ඉන්න අපි දෙන්නගෙම කාමරවල ජනෙල් ග්‍රිල් පුරුදු වුනා. මොකද හැමදාම රෑට ග්‍රිල් ගලවගෙන එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙ කාමරේට පනින්න පුරුදු වෙලා හිටියෙ. මං එහේ යනවා නම් තේජාන් අනිවාර්යයෙන්ම මගට ඇවිත් බලාගෙන හිටියා.
එදා අපේ හනිමූන් එකෙන් පස්සෙ ඇත්තටම මට නම් තනියෙම නිදාගන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඒ පපුවෙ උණුහුම, ඒ හුස්මවල රස්නෙ මට හුස්ම ගන්නත් බෑ වගේ දැනුනෙ.

ඉතින් හැමදාම රෑට අපි වලාකුළු අතරෙ පියෑඹුවා. දාඩිය බේරෙන ඇඟවල් වලින් එක්කෙනෙක් වෙලා එකටම තුරුල්වෙලා නිදාගත්තා.
මේ තරම් ලස්සන හීනයක් මං කවදාවත් දැකලා තිබුනෙ නෑ කියලා මට විශ්වාසෙම්ම කියන්න පුළුවන්.
තේජාන්!
එයා මට පාරාදීසයක් මවලා දුන්නෙ. කවදාවත්ම විඳලා ඇති නොවෙන, කවදාවත් විඳලා ඉවර කරන්න බැරි හීන පාරාදීසයක්.

හැබැයි ඔය අතරෙ අර කෙල්ල ගැන මට මතක් නොවුනා නෙමෙයි. ඒ වගේම අශේන්ලා ගැනත්. මට මේ දේවල්වල අගමුල හොයාගන්න ඕනෙ. තේජාන් මට නොකිව්ව දේවල් තව හුඟාක් තියෙනවා.

"තේජාන්, දැන් අපි දෙන්නා ඇත්තටම සෙට්ද?"
මං දවසක් ඇහුවා.

මුගේ උපන් මන්දබුද්දික කමද නැත්තම් කාපු කෑමක අතුරු ප්‍රතිපලයක්ද වගේ බැල්මක් එක්ක තේජාන් මගේ දිහා බැලුවා.

"මොකද්ද බං ඒකෙ තේරුම?
සෙට් කියන්නෙ දත් සෙට්, පුටු සෙට් වගේද?"

"අනේ මී හරකො, අපි දෙන්නා මොක්කුද දැන්? තමුසෙ කීවා වගේ කසාද ජෝඩුවක්ද?"

"නැතුව ඉතින් වෙන මොක්කුද? රෑ තිස්සෙ නිදිමරාගෙන තොගෙ පු# පලන්න දුවං එන්නෙයි,
ඔය රිලා මූණ නොදැක ඉන්න බැරුව දවස පුරා කෝල් ගන්නෙයි මොන මගුලකටද නැත්තම්.
එදා බදාගෙන හු#ගෙන සීල් කරගත්ත පොරොන්දුත් තොට අමතකුනාද යකෝ ඈ?. උඹත් මරු බඩ්ඩ හැබැයි. දැන් අමතක පොරොන්දු මතක් කරගෙන ආයෙම සීල් තියන්න එපායැ. ඔහොම ඉන්න ගමන් තව පොරොන්දු දුසිමක් විතර හිතපංකො බං. එක පොරොන්දුවක්  එකසිය අට වාරයක් සීල් කරමු!"

කඩුපුල් (Complete)Where stories live. Discover now