හතර

6.6K 667 81
                                    

මං දැන් සතියක් තිස්සෙ ගෙදර. නිකම් නෙමෙයි අතකුයි කකුලකුයි වෙලාගෙන. එහෙං අම්මගෙ අඳෝනාව. මෙහෙන් වෙච්ච වස ලැජ්ජාව. ඇයි දෙයියනේ මටම මේ දේවල් වෙන්නෙ?

එදා ඔලු බක්කා මාව කරවල වාඩියකට වික්කෙ නෑ. ඉස්පිරිතාලෙට වික්කා. ඒ මදිවට මහ රෑ ජාමෙ එයාගෙයි මගෙයි දෙන්නගෙම මෑණියන්දෑලා ෆෝන් එකෙං එතෙන්ට වැඩැම්මුවා. ඊට හොඳයි මාව අර පාර මැද්දෙ වාහනේකට යට වෙන්න දාලා ආවා නම්.
බණ දේශනා අහලම උදේ වෙද්දි මාව රහත් වෙන පාටක් තිබුනෙ. අනේ අසරණ කොල්ලා කසාදයක් බැඳගන්නත් බැරි වුනා. දැම්ම රහත් වෙලා බෑ අප්පා!

මාව ගිරේට අහු කරලා මිනිහා නම් ගෙදර ගිහින් හොඳට නිදාගත්තද කොහෙදෝ. මං යක්කු ගස් නගිනවා බලාගෙන සාදු කාර දීගෙන අනිත්‍ය මෙනෙහි කලා.
වෙලාවට අතක් පයක් කැඩිලම තිබුනෙ නෑ. හැබැයි අත පය ඇතුලෙ පොඩි පොඩි කෑලි බෑලි ටිකක් එහේ මෙහේ වෙලා තිබුනා. ඉතින් සති දෙකක් විතර ඔතාගෙන පතාගෙන ඉඳලා ආයෙම ක්ලිනික් එන්න ඕනෙ කියලා තමයි කිව්වෙ.

ටිකට් කපාගෙන යද්දි නම් ඔලු බක්කා හිටියෙ නෑ. ඇත්තටම එදා ගෙනත් දැම්මට පස්සෙ මිනිහව මං දැක්කෙම නෑ. මනුස්සකමට අසරණ වුනාමවත් හොයලා බලන්න වුමනාවක් නැති උද්දච්චයොනෙ. අම්මා ත්‍රීවීලරෙකක් අරන් ඇවිත් තිබුනා. කන් දෙකට ඇබ හොය හොය මං ඒකෙ නැගලා ආවා.

දැන් සතියක් තිස්සෙ,
අයියෝ මගේ අසරණ කන් දෙක විඳින දුකක්!
"මං කොයි තරම් නම් කියනවද මහන්සී නම් වීල් එකක් අරන් එන්න කියලා"
"සල්ලි එකතු කලාට වැඩක් තියෙනවද අතපය කඩාගෙන එක තැන් වීගෙන ඉඳලා"
"මෙච්චර කරදඬු උස් මහත් කලා ඒත් මූට මොලේ ටිකක් දීගන්න බැරි වුනානෙ"
"ඇයි කොල්ලො උඹට පරිස්සම් වෙන්න බැරි හැබෑට?"
"තාත්තත් නැතුව මං කොයි තරම් ගින්දරක් ව්න්දද පුතේ? උඹට මොකුත් සිද්ද වුනොත් මං ඉඳලා වැඩක්ද?"

තර්ජන ගර්ජන ඇඬිලි වැලපිලි ඔය ඔක්කොම දැන් කට පාඩම් වෙලා මට. දෙයියනේ ඉඳලා ඉඳලා එකම දවසක් වැරදුනාම ඇති ඉතින්. හැමදාම බස් එකෙන් පතබෑවුනා වගේ කතාව.
කරුමෙට කකුලත් බැඳලා නිසා එලියට බැහැගන්නත් බෑ.

කොහොමහරි යාන්තම් සති දෙක ඉවර වෙද්දි දෙයියනේ කියලා ඇඹරිච්ච ගැලවිච්ච කෑලි බෑලි ගානට සෙට් වෙලා තිබ්බා. දෙයියො දුන්නා වගේ ගෙදරින් එලියට පැනලා වැඩට යාගන්න ලැබුනු එක. නැත්තම් අම්මයි මමයි දෙන්නම පරණ ග්‍රැමෆෝන් තැටි දෙකක් වෙලා යනවා එකම මන්තරේ මතුර මතුර ඉඳලා.
ඔළුවට කොච්චර නිදහසක් දැනුනද කිව්වොත් අපේ පස්ස ගිනි ගත්ත මැනේජරයවත් මට බදාගෙන ඉඹින්න හිතුනා. ඊයා හැබැයි මිනිහා නාකියා.

කඩුපුල් (Complete)Tahanan ng mga kuwento. Tumuklas ngayon