මට තේරුමක් තිබුනෙ නෑ මං මොනවද කරන්න ඕනෙ කියලා. මං මේ කිසිම දෙයක් ගැන දන්නෙත් නෑ. කලින් තේජාන්ගෙන් මේවා ගැන අහන්න හදපු හැමපාරම එයා මගෑරියා. ඊට පස්සෙ එකපිට එකපිටම ආපු ප්‍රශ්නවල හැටියට මේ දේවල් ගැන හිතන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඕන කමක් දැනුනෙත් නෑ.
ඒත් ඒ දේවල් කොහොම වුනත් තේජාන්ට මොකුත් වෙන්න දෙන්න බෑ. එයා මගේ ජීවිතේ.
මගේ පණ දීලා හරි මං එයාව රකිනවා.ඒ වුනාට ඇත්තටම මං හිටියෙ ගෙයි ඉඳන් මිදුලට ඇවිදගන්නවත් පණක් ඇතුව නෙමෙයි. අමාරුවෙන් කුදු ගැහීගෙන අවුරුදු අසූවක අනූවක සීයා කෙනෙක් වගේ මං මේ පොඩි දුරත් එහා මෙහා ගියේ. ඉතින් පැය දෙකකින් ඔය කියන ඔක්කොම මට කරන්න පුළුවන් වෙයිද කියලා කිසිම විශ්වාසයක් නෑ.
බයෙන් බයෙන් වුනත් මං ඒ නම්බරෙකටම ආයෙමත් කෝල් කලා. ඒත් ඒක රිංග්ස් ගියා මිසක් කවුරුත් ආන්ස්වර් කලේ නෑ. ඊලඟට මං තේජාන්ට ගත්තා. ඒක වැඩ කරන්නෑ.
'තමුසෙ කවුද? මං කොහොමද දන්නෙ ඔය ඇත්තම ෆොටෝ එකක් කියලා. ඕක එඩිට් එකක් කියලයි මට හිතෙන්නෙ'
මං අර නම්බරෙකට මැසේජ් එකක් යැව්වෙ ඇත්තටම එහෙම සැකයක් තිබ්බටම නෙමෙයි. ඒත් මට තේජාන්ව බේරගන්න නම් වෙලාව ඕනෙ කරනවා.
ඒක ඩිලිවර් වෙනවත් එක්කම ආවෙ වීඩියෝ කෝල් එකක්. මං ටක් ගාලා ආන්ස්වර් කලා. උන් කෙලිම්ම පෙන්නුවෙ තේජාන්ව.
දෙයියනේ උන් දෙතුන් දෙනෙක් එකතු වෙලා එයාට හොඳටම ගහනවා. එයාට අඩුම ගානෙ කතා කරගන්නවත් බෑ. වටේපිටේ වෙන්නෙ මොකද්ද කියලවත් එයාට අදහසක් නෑ වගේ. ඒ එක්කම කටහඬ හිතාමතාම ගොරෝසු කරගෙන වගේ කවුදෝ කතා කලා."දැන් පේනවද උඹට එඩිට් එක? පව් ඉතින් උඹේ මහලොකු කෙරුමට වෙලා තියෙන දේවල්. උඹ ඉක්මනට ආවොත් මේකගෙ පණ රැකෙයි. නැත්තම් ඉතින් හෙට උදේ වෙද්දි වැල්ලට නාඳුනන මල සිරුරක් ගහගෙන ඇවිත් තියෙයි
හැබැයි පොලීසිය ගාවගෙන, නැත්තම් වෙන එක එකාගෙ උදව් අරගෙන තිබුනොත් මේකගෙ ඔළුව හිල් වෙන්න තියන්නෙ උඹේ ඇස් ඉස්සරහ පිටමයි හරිද කොල්ලො!."එච්චරයි.
මං වචනයක් කියන්න කලින් ඒක කට් වුනා.මට දැනුනෙ හුස්ම ගන්න බෑ වගේ. අත පය සීතල වෙලා මං දරදඬු වෙලා ගියා. අනේ දෙයියනේ මේ මොකද්ද වුනේ? තේජාන්ට මොකුත් වුනොත් මං ජීවත් වෙලා මොකටද?
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?