හැට හතර

6.6K 487 257
                                    

එදා තේජාන් එක්ක බයික් එකේ නැගලා තුරුල් වෙලා ගිය කොල්ලා එයාගෙ මුළු ජීවිතේම, මුළු ආත්මෙම තේජාන්ටම ලියලා දුන්නා.
තේජාන් මලකටත් වඩා පරිස්සමින් ඒ කොල්ලව බලාගත්තා.

දාඩිය බේරෙන ඇඟවල් වලින් කෙඳිරි ගාන ගමන්, පොඩි පොඩි නොක්කාඩු කියව කියව රණ්ඩු වෙන ගමන්, එකට තුරුල් වෙවී හිනා වෙන ගමන්, තුවාල වෙච්ච අතපය වෙලාගෙන ඉස්පිරිතාලවල ලගින ගමන්, කොටිම්ම හැම හුස්මක් ගන්න ගමන්ම, පපුවෙ හැම ගැස්මක් ගානෙම අපේ ලෝකෙ අපි ආදරෙන්ම පිරෙව්වා. මේ තරම් ලස්සන හීනයක්වත් දකින්න දැනගෙන මම හිටියෙ නෑ.

රෑ කළුවරේ තනි වෙලා පිපුණු කඩුපුල් මලකට එයාගෙ ජීවිතේ ආදරෙන්ම පුරවන ලස්සනම ලස්සන හඳක් මුණ ගැහුනා. හඳකටත් වඩා ඒ එලිය මහා ගොඩක් මවන තරුවක්. පුංචි කඩුපුල් මලට විතරක්ම ඉරයි හඳයි දෙකම වුන ඒ තරුව, මලට පරවෙන්න නොදී ලඟින්ම තියාගෙන කල්ප කාලයක් රැක ගත්ත.

ජීවිතේ පොඩ්ඩක්වත් ලේසි වුනේ නෑ අපිට. ප්‍රශ්න හැමදාමත් තිබුනා මදි නොකියන්න. අද මේ මොහොතෙත් තියෙනවා අඩුවක් නැතුවම.
ඒත් අපි දෙන්නා හැම දේකටම එකේනෙක් වගේ එකටම මූණ දෙද්දි ඒ හැම ප්‍රශ්නයක්ම හුලඟෙ පාවෙලා යනවා වගේ දැනුනෙ.
කොච්චර භයානක හිත රිදෙන විදිහෙ දෙයක් වුනත් අපි දෙන්නට දෙන්නා හැංගුවේ නෑ අනිත් එක්කෙනාට. ඉතින් ඇත්තටම වෙලාවකට හැම ප්‍රශ්නයක්ම ආශිර්වාදයක් වගේ දැනුනෙ. මොකද වැඩත් එක්ක සමහර වෙලාවට දවස් ගනන් අපිට අපිව මගෑරුනාට ප්‍රශ්නයක් තියෙද්දි අනිවාර්යයෙන්ම අපි දෙන්නා එකට එකතු වුනා. ඉවරයක් නැති ප්‍රශ්නම අපිව තව තවත් තදටම බැඳලා දැම්මා.
ප්‍රශ්න නොතිබුනා නම් අපි වෙන් වෙලා යනවා කියනවා නෙමෙයි මේ. කොහොම කොයි විදියට ජීවිතේ ගෙවුනත් අපි අපේම විතරයි කියන්නත් අපි ජීවත් වෙන්නෙ අපි වෙනුවෙන් විතරමයි කියන්නත් මේ ගෙවිලා ගිය අවුරුදු තිහ හොඳටෝම ඇති.

පුදුමත් හිතෙනවා නේද?
අවුරුදු තිහක් ගත වෙලා.
එදා අවුරුදු විසි තුනේ පොඩි කොල්ලට දැන් වයස පනස් තුනක්. මගේ නාකි කොල්ලට හැට එකක්.
හැබැයි එදා දැනිච්ච පපුවට දරා ගන්න අමාරු තරම් ආදරේ තාමත් ඒ වගේමයි. තේජාන්ව දකිද්දි එදා වගේම තුරුල් වෙලා ඉඹින්නමයි හිතෙන්නෙ මට හුස්ම හිර වෙනකල්ම.
බය වෙන්න එපා එහෙම හුස්ම හිර කරන්නෙ නෑ මං. අවුරුදු තිහක්ම පණ බේරගෙන ඉන්නවනෙ තාමත් ඒකා කොහොම හරි.

කඩුපුල් (Complete)Tempat cerita menjadi hidup. Temukan sekarang