විසි පහ

4.8K 536 28
                                    

මං ඉන්නෙ තේජාන්ගෙ ඇඳ ලඟ වාඩි වෙලා. එයා නම් නිදි. කොහොමත් එයා වැඩිපුරම කරන්නෙ නිදාගන්න එක. ඇහැරුනාම කාලා බීලා වොශ් රූම් ගිහින් ආයෙම නිදියනවා.
නිදියනවද නිදි වගේ බොරුවට ඇස් පියාගෙන ඉන්නවද දන්නෑ මං ඉන්නවට අකමැති නිසා. ඒත් ඉතින් එයාට දෙන බෙහෙත්වලටත් නිදිමත එනවා කියලා ඩොක්ට කිව්වා.
ඒ නිසා මං හිත හදාගෙන ඉන්නවා ඇත්තටම නින්ද යන වැති කියලා.

දැන් මං ඇවිත් ගෙවෙන තුන්වෙනි දවස. එදා චිත්‍රා ඇන්ටිට කෝල කරපු වෙලේ තේජාන්ට අමාරු නිසා කොළඹ ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියද්දි ඇත්තටම මට දැනුනෙ කවුරුහරි මගේ ඔලුව මිරිකගෙන ඇදලා අරන් පොලවෙ ගැහුවා වගේ. මෙච්චර දෙයක් වෙලත් අම්මා කොහොමද මට නොකිව්වෙ?
ඇන්ටි කිව්වෙ තව මාසයක්වත් තේජාන්ට හොස්පිට්ල් එකේ ඉන්න වෙයි කියලා.
ඉතින් එවෙලෙම මං තීරණයක් ගත්තා.

කොහොමත් තව මාස තුනකින් මං ජොබ් එකෙන් අයින් වෙලා කැම්පස් යන්නනෙ හිටියෙ. ඉතින් දැම්ම අයින් වෙනවා. නැත්තම් කොහොමද මාසයක් නිවාඩු ඉල්ලගන්නෙ.
තේජාන් ලඟ නවත්තන්න විශ්වාසවන්ත කෙනෙක් නැති නිසා තමයි සැරින් සැරේට හරි මාව ගෙන්න ගන්නද කියලා අම්මගෙන් අහලා තියෙන්නෙ. පිරිමි වාට්ටුවක ඇන්ටිට ඉන්න බෑනෙ. අන්කලුත් වයසයි. එයාට තියෙන ලෙඩ එක්ක එකදිගට නිදි මරාගෙන ඉන්න අමාරුයි.

හැබැයි අම්මා කිව්වත් වගේ සල්ලි වලට නවතින කෙනෙක් හොයා නොගන්නෙ මොකද මන්දා? ඒත් මං ඕවා අහන්න ගියේ නෑ. එතකොට මං එන්න තියෙන අකමැත්තට අහනවා වගේනේ.
කොහොමත් තේජාන්ට උදව් ඕන කරන වෙලාවක එයාව මගාරින්නෙ නෑ මං!

ඉතින් මං එහෙම්ම වැඩට දිව්වෙ රස්සාවෙන් අස්වෙන්න හිතාගෙන. ගිහින් ලියුමක් ලියලා මැනේජරයගෙ මේසෙන් තිබ්බා. මිනිහා එනකල් බලන් ඉන්න බෑ. මට යන්න පරක්කු වෙනවා. කල්පයටයි, සුනෙරයයිටයි, මැනේජරයටයි තුන් දෙනාටම එකම මැසේජ් එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා යැව්වා. පස්සෙ කෝල් කරලා විස්තරේ කියනවා.

ගෙදර ගිහින් අම්මට මේ ගැන කියන්න මට හිතුනෙත් නෑ. මෙච්චර උදව් ඕන කරන වෙලේ අම්මා මට ඒ ගැන හංගපු නිසා මට අම්මත් එක්ක දැනුනෙ තරහක්. ඒත් දැන් මං අද ගියාම කවදා එන්න වෙයිද දන්නෑ. ඇඳුම් ටිකක් ගන්නත් ඕන ඒ නිසා. අනික අම්මා අනිවාර්යයෙන් බය වෙනවා මං ගෙදර එන්න පරක්කු වෙද්දි. ඒ නිසා කියන්නම වෙනවා.

කඩුපුල් (Complete)Onde histórias criam vida. Descubra agora