හතලිස් දෙක

2.7K 384 33
                                    

"හිමාන්ට මං කියන දේවල් අවබෝධ වුනා නේද?"

"ඔ.. ඔව් ඩොක්ටර්"

"හොඳයි. හිමාන්ගෙ ගෙදරින් කවුරුත් ඉන්නවද මේ වෙලාවෙ?"

"න්... නෑ ඩොක්ටර්
      :
      :
ඒත් මේ...
ඩොක්ටර් මට ගෙදරට කෝල් එකක් ගන්න පුළුවන්ද?"

හිතේ කොයි තරම් බයක් තිබුනත් ඒ හැමදේටම වඩා ගින්දර තමයි තේජානුයි අම්මයි හොඳින්ද දැනගන්න එක.

"ඔව්, අපි කෝල් එකක් අරන් දෙන්නම්කො. අර අනිත් ඩොක්ටර්ට බලන්නත් අපි දැම්ම ලියනවා. ඒ ඩොක්ටර් බැලුවට පස්සෙ ටිකට් කපනවා. ඒ විස්තරේ කියන්නත් එක්කම කෝල් එකක් ගමු හොඳද?"

"අනේ ඩොක්ටර් අම්මා හොඳින්ද දන්නෑ. එයාට ඉන්නෙ මං විතරයි. දැම්මම කෝල් එකක් ගන්න බැරිවෙයිද?"

"හරි එහෙනම් මිස්, මෙයාට කෝල් එකක් අරන් දෙන්නකො.
ඊයෙත් කලබල වුනේ ඒ සම්බන්ධ දෙයක් නිසානෙ නේද?
         :
කොහොම වුනත් හිමාන්, කලබල වෙන්න, දුක් වෙන්න එපා. මේ වගේ අසනීප වුනත් දැන් නිට්ටාවටම සනීප කරන අවස්ථා තියෙනවා.
වෙලාව නාස්ති නොකර මහරගම ගිහින් අවශ්‍ය දේවල් කරගන්න හොඳද?"

මං ඔළුව වැනුවා. වෙන මොනවා කරන්නද? ඊලඟට මිස් කෙනෙකුගෙ පස්සෙන් ෆෝන් එක ලඟට ගියා.

"නොම්මරේ කියන්නකො බලන්න."

දැන් අම්මට ගන්නවද, තේජාන්ට ගන්නවද?
ඒත් තේජාන් එයාගෙ වැඩක නම්? හොඳම දේ තේජාන්ලගෙ ගෙදරට ගන්න එක.

"011..............."

මිස් නම්බරෙක ඩයල් කරනව මං බලාගෙන හිටියෙ, කාටවත්ම කරදරයක් වෙලා තියෙන්න නම් එපා කියලා දෙයියන්ට කන්නලව් කර කර.

"හෙලෝ,
මේ හිමාන්ගෙ අම්මද?"

".............................."

"මම මේ ........................ හොස්පිට්ල් එකෙන් කතා කරන්නෙ. හිමාන්ට පොඩ්ඩක් අම්මත් එක්ක කතා කරන්න ඕනෙ කියනවා."

මිසී මට ෆෝන් එක දික් කලා.

"හෙ.. හෙලෝ අම්මෙ"

"ඔව් පුතේ, උඹ හොඳින් ඉන්නවා නේද?"

දෙයියනේ අම්මට කරදරයක් නෑ වගේ. ඒත් අම්මගෙ කටහඬ ඇහෙද්දි ඉවසගෙන ඉන්න කොහොමද මං. මට කෑගහලා අඬන්න ඕනෙ. අම්මෙ මට අම්මා ලඟ ඉන්න ලැබෙන්නෙ තව හුඟාක් පොඩි කාලයක් විතරයිනෙ කියලා තුරුල් වෙන්න ඕනෙ. අනේ අම්මෙ මට බය හිතෙනවා, මට බේරෙන්න බැරි වෙයිද අහන්න ඕනෙ. ඒත්, ඒත් එහෙම කරන්නෙ කොහොමද? අම්මට දුක් දෙන්න බෑනෙ මේවා එක පාරටම කියලා. එයාගෙ හිත පොඩ්ඩ පොඩ්ඩ හදන්න ඕනෙ මං නැතුව ජීවත් වෙන්න.

කඩුපුල් (Complete)Where stories live. Discover now