තිස් හත

2.7K 371 14
                                    

මං එහෙම්මම බිම වාඩි වුනා. ඇත්තටම මගේ කකුල් දෙකට පණ නෑ. මට තවත් කෙලින් හිටගෙන ඉන්න බෑ. මුළු දවස තිස්සෙම මාව හයියට අල්ලගෙන, කඟවේනෙක් වගේ දුවන්න ශක්තිය දීපු පපුව එන්න එන්නම දුර්වල වෙලා යනවා වගේ මට දැනුනෙ. ඇත්තටම හොයාගන්න බැරි ලෙඩක් හැදිලා මාව මැරිලාවත් යන්නෑනෙ.

කෙනෙකුට හිතෙන්න පුළුවන්, අනේ මේවත් ප්‍රශ්නද, මේ ලෝකෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල හැටියට කියලා. ඒත් ප්‍රශ්නෙ තියෙන මිනිහා තමයි ඒකෙ වේදනාව දන්නෙ. මගෙ ජීවිතේටම මං සැපක් කියලා විඳලා නෑ. තාත්තව මතකවත් නැතුව, අම්මා හොයාගන්න සොච්චමකින් තමයි අපි ජීවත් වුනේ. වෙන ළමයින්ට වගේ ලස්සන ලස්සන සෙල්ලම් බඩු මට කවදාවත්ම තිබිලා නෑ. කවුරුහරි ඇඳලා පරණ වෙලා විසිකරන ඇඳුම් තමයි ගොඩාක් ලොකු වෙනකල් මං ඇන්දෙ. ඉස්කෝලෙදි වුනත් මූණටම හිඟන්නා කියලා බැනපු උන් වගේම හොඳ මූණ පෙන්නලා පස්සෙ එක එක තැන්වල මගේ නැතිබැරිකම් වලට හිනා වෙච්චි එවුනුත් හිටියා. ඉගෙන ගන්න ටිකක් විතර පුළුවන් නිසාද මන්දා හොඳ යාළුවොත් මට නොහිටියා නෙමෙයි.
ඒත් මගේ ජීවිතේම තියෙන්නෙ හීන බොඳ වෙලා යන විදියෙ මීදුමකින් වැහිලා. කවදාවත් එකදිගට හොඳ යාළුවෙක් මට ඉඳලා නෑ.
ලඟින් ඉන්න කල් හිටියට ඊට පස්සෙ නිකම්ම ඈත් වෙලා ගියා.
ඒ ලෙවල් හොඳට පාස් වුනත් කැම්පස් යන්නවත්, කැමති රස්සාවකට යන්නවත් ලැබුනෙ නෑ. පොඩි කඩේක වැඩ කරන්න යන්න වුනා.

ඒ හැමදේම දරාගෙන ජිවිතේ දිහා හිනාවකින් බලන්න පුරුදු වෙලා හිටපු මට කොහෙන්දෝ මන්දා තේජාන්ව මුණ ගැහුනා. මොන හේතුවකට මං එයාට මේ තරම් බැඳෙනවද මං දන්නෙ නෑ. ඒත් මම මලක් නම් එයා හරියට නටුව වගේ. නටුව නැත්නම්, මලක් කොයි තරම් හිනා වෙලා ඉන්න හැදුවත් බිමට ඇදගෙන වැටෙනවා. වැටිලා පර වෙලා යනවා.

කොහේ හරි දුර ඈතකට දුවලා මට හැංගෙන්න හිතෙනවා. මුවහත් පිහියකින් මගේම පපුව හූරගෙන හැම මතකයක්ම මකලා දාන්න හිතෙනවා. ඔළුව හයියෙන් බිත්තියක ගහගෙන ගහගෙන ගිහින් මේ මෝඩ හීනෙන් එලියට එන්න හිතෙනවා. ඒත් මේ ඔක්කොම අස්සෙන් තේජාන් මගේ ආදරේ කවදාම හරි තේරුම් ගනී කියලා බලාගෙන ඉන්නත් හිතෙනවා.

කඩුපුල් (Complete)Where stories live. Discover now