හය

5.8K 645 69
                                    

අන්තිමේ මගේ සෙනසුරාදා ලැබෙවෙ සෙනසුරාගෙ නැකතකිම්මයි. අම්මලා කෑම බීමත් හදාගෙන උදේ හයට විතර පිටත් වුනා.
කොච්චර බැතිමත්ද කියනවා නම්, මට තර්ජනය කරලමයි, වන්දනාවෙ යන්න කියලා දකුණු කකුලත් පෙරට තියාගෙන වාහනේට නැගගත්තෙ.
ඔයා ඔය ගියාට පස්සෙ මොනා කරන්නද අම්මෙ,
මං ඉන්නෙ ගෙදර තමයි.
ගුටි කන්නෙ අම්මා ආවට පස්සෙනෙ. එදාට ඒක හෙමීට බලනවා. අම්මව ශේප් කරගන්න බැරි නම් වැඩක්ද මං වගේ එල කොල්ලෙක්ගෙන්.

වෙනදා වගේම වැඩට ගියා ඉතින්. අපේ ප්ලෑන අපි වෙනස් කලේ නෑ. හැබැයි කල්පයා කිව්වෙ අදට මහසෝනත් එක්ක ඉන්න එක හොඳයි කියලා. මොකද ඔය ඌරු තඩියා මං ආවෙ නෑ කියලාවත් කිව්වොත්. ඒකා දන්නෙ නෑනෙ කොහොමත් හෙට හාෆ් ඩේ දාන කතාවයි, අනිද්දා නිවාඩුවයි. හීන් නූලෙන් වැඩේ කරගන්න ඕන කල්පයා කිව්වත් වගේ.

ඉතින් සවිමත් හෙටක් උදෙසා මට මගේ අද දවස කැප කරන්න වෙනවා. හිතනකොටත් මගේ ඔළුව හිරි වැටෙනවා අප්පා. මගේ උපන් නැකතෙ ප්‍රශ්නයක්ද කියලා බලාගන්න එක වටිනවා තමයි. දවසම ගෙවුනෙ ඉතින් හෝන්දු මාන්දුවෙන්. මැනේජරයගෙ එරවිලි ගෙරවිලි දැනුනෙත් නෑ වෙනදා වගේ. මේ වෙච්ච වින්නැහියෙ හැටියට ඒවා නම් මොනාද.

ඉතින් සුපුරුදු ෆුට් බෝඩ් එකෙන් බැහැගෙන පාන් ගෙඩියකුත් උස්සගෙන මං යන්න ගත්තා. බතුත් තම්බතැහැකිද අප්පා, නැහිලා නැහිලා ගිහින්. හරි නම් අර ඔළු බක්කා නෙමේද මට උයලා කන්න දෙන්න ඕන හැබෑට. මිනිහා නම් ගෙදෙට්ට වෙලා කරන රස්සාව. අනික ඒකා බොසා වගේ ඇති අනිත් උන්ට වැඩ කිය කිය. මොකද ඌනෙ එතන ලොක්කා. දැන් අපේ මැනේජරයා අයිතිකාරයා නොවීත්, නිකං ඉඳන් දාන පාට්වල හැටියට මුගේ පාට් ඇති පංචිකාවත්තටම.
අපේ අම්මටත් දරු කැක්කුම නෑනෙ දෙයියනේ. නැත්තම් මේ සියුමැලි කොල්ලට මෙහෙම කරයිද?

මං එද්දි මිනිහගෙ ගරාජ් එකේ ලයිට් එහෙම නිවලා. ඔව් දැන් 9ටත් ලඟයි. වාසනාවන්ත මිනිස්සු. 5ට 6ට වැඩ ඉවරකරලා ඉතුරු ටික ශපාන් එකේ ඉන්නනෙ තියෙන්නෙ. තව වැඩකාර කොල්ලොත් කඩාපාත් වෙනවා කකුල්දෙක ලඟටම කෑම වඩම්මන්න.

මං ගිහින් දොරට ගැහුවා.
නෑනෙ කිසි සද්දයක්. මං ආයෙම ටිකක් හයියෙන් ගැහුවා.
ඒත් නෑ.
දැන් නම් ඇත්තටම මට යකා වැහීගෙන එන්නෙ. ඇයි යකෝ මහන්සිවෙලා මහන්සිවෙලා ගෙදරට අඩියට තියන්න බලාගෙන ආවෙ. මූ අ#ලමේ ගිහිල්ලද මන්දන්නෑ.
තුන්වෙනි පාර මං දොරට ගැහුවෙ පයිං.
යකඩෝ! මේක නිකම්ම ඇරුනනෙ.

කඩුපුල් (Complete)Where stories live. Discover now