විසි නමය

3.1K 417 48
                                    

ඉතින් මට දැන් ලොකු මිශන් එකක් තියෙනවා. හැබැයි මිශන් එක පටන් ගන්න විදියක් තමයි හිතාගන්න අමාරු.
හැබැයි ඉතින් හිමාන් කියන්නෙ අමාරුයි කියලා කිසිම දෙයක් අතාරින ජාතියෙ එකෙක් නෙමෙයි. වැඩේ ගොඩ දාගන්න අමාරුයි නම් මං අඩියක් පස්සට ගනියි. හැබැයි ඒකෙන් කියන්නෙ මං ඒක අමතක කලා කියන එකවත්, නොකර ඉන්නවා කියන එකවත් නෙමෙයි. හිතා ගත්තා නම් මං අනිවාර්යයෙන්ම ඒක කරලම තමයි පස්ස බලන්නෙ.

ඉතින් මං දවල් රෑ නැතුව කල්පනා කලේ මේ තේජාන්ගෙ රහස හොයාගන්න විදියක්. කෙලිම්ම මුගෙන් ඇහුවොත් අර ටොයිලට් වල වගේ තියෙන කටින් කුණුහරප විදියි පෝලිමට. ඒකගෙන් දෙයක් දැන ගන්නවා බොරු.

ඉතින් කල්පනා කරලා කරලා හිතුනු පලවෙනිම දේ තමයි හිමාන්ගෙ ෆෝන් එක චෙක් කරන එක.
මිනිහා නිදාගන්න කල් ඉඳලා හෙමීට අරන් බැලුවට මොකද ඒක ඕපන් කරගන්න විදියක් නෑ පාස්වර්ඩ් එක දන්නෙ නැතුව. මං මේකා ගැන කිසිම දෙයක් දන්නෙත් නෑනෙ. අඩුම උපන් දිනේවත්. සේරටම කලින් මුගේ බේසික් ඩිමෝග්‍රැෆික් ඉන්ෆොමේශන් හොයාගෙන ඉන්න ඕන.

මේ යකා මාත් එක්ක මේ දවස්වල ලොකු ඇයි හොඳැයියකුත් නෑ ඉතින්. කොහොමටත් ඉතින් ඒක කියන්න දේකුත් නෙමේනෙ. කවද්ද මූ මා එක්ක හොඳින් හිටියෙ. ඔන්න අර කන කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ එක පාරටම ට්‍රැක් අවුට් ගිහින් වගේ මාත් එක්ක තොඳොල් වෙනවා. ඊලඟට එක දවසක් හොඳින් හිටියොත් මාසයක් පුප්පනවා. යකාගෙම ලොජික් මෙව්වා. ඒත් ඉතින් එහෙමයි කියලා අපි සැලෙනවද නෑනෙ.

"අයියෙ, අයියගෙ උපන් දිනේ කවද්ද?"
මං ඉතින් හවස තේ බොන ගමන් කෙලිම්ම අහලා දැම්මා. නැතුව ඉතින් පොඩ්ඩ පොඩ්ඩ කතාවට සෙට් වෙලා හීන් නූලෙන් අහගන්න පුළුවන් එකෙකුත් නෙමෙයිනෙ මේ.

"කැහ්... කැහ්... කැහ්..."

යකෝ මේ යෝදයාට තාම තේකක්වත් හිර කරගන්නෙ නැතුව බොන්න බෑනෙ.

"තමුසෙ මොකාටද ඒ පාර එන්න හදන්නෙ?"

ඔන්න ඉතින් ඇහුවා ප්‍රශ්නයක්! යකෝ මනුස්සකමටනෙ ඇහුවෙ!!

"අනේ! මොකාටවත් එන්න මොකෝ මං හයිවේ එකක්යැ. මනුස්සකමට ඇහුවෙ.
තමුසෙට තෑගි එපා නම් මට මොකෝ!"
මාත් ඉතින් කියලා දැම්මා අනිත් පැත්තට.
එකාතකට පාස්වර්ඩ් එක බර්ත්ඩේ එක වෙන්න බෑ. ඒක ගෙස් කරන්න ලේසියි. ඒත් ඉතින් මං කොතනකින් හරි පටන්ගන්නත් එපැයි.

කඩුපුල් (Complete)Where stories live. Discover now