උණ බහින්න දවස් දෙකක් ගියා. ඒ දවස් දෙකම මං උණ හපුළුවා වගේ උඩ බලාගෙනම හිටියා. වෙන කරන්න දේකුත් නෑ ඉතින්. මෙහෙම හිටියට මං රාජ කුමාරයෙක් වගේ කොල්ලෙක්නෙ. ඒ ගැම්මටමද කොහෙදෝ ඔක්කොම දේවල් අතට පයටම ලැබුනා.
මහසෝන් යකාගෙ කට කැඩිච්ච කතා තමයි අවුලකට කියලා තිබුනෙ.ඇත්තටම ඒකා මාව බයිට් එකට අරන්ද මන්දා.
මට එහෙම විකාරෙන් කියවන්න තරම් උණක් තිබුනෙත් නෑ. එහෙම මොකුත් කලබගෑනියක් වුනා කියලා මතකෙකුත් නෑ. මේ හාදයාට මොකුත් තේරෙන විදියට මං එහෙම හැසිරුනෙත් නෑ (කියලා මං හිතාගෙන ඉන්නවා). ඉතින් මේ මිනිහට මේ හදිස්සියෙ වැහුනු යකා මොකාද?
බැරි වෙලාවත් මිනිහත්..... කොලුකාරයෙක්වත්ද?මගේ කන් දෙක රත් වෙලා ගියා. දෙයියනේ! ඇත්තටම ඒක එහෙම නම්. එයාටත් මං ගැන කැමැත්තක් වගේ එකක්වත් ඇති වෙලාද? අපි අර ඉස්කෝලෙ යද්දිත් කැමති කෙල්ලොන්ට මුලින් අනං මනං කියලා මුට්ටිය දාලා බලනවානෙ.
නෑ! නෑ!! හිමාන් තමුසෙට පිස්සු. ඕවා දුර දිග හිතන්න ගිහින් අන්තිමේ තමුසෙටමයි අඬන්න වෙන්නෙ!!!ඒත් ඉතින් කොච්චර කොහොම තමන්ගෙම හිතට සීමා මායිම් දැම්මත් වැඩක් තියෙනවද? තමන් ආදරේ කරන කෙනා ගැන ලැබෙන බැක්ටීරියාවක්, වයිරස් එකක් සයිස් බලාපොරොත්තුවක් වුනත් චීන මහා ප්‍රාකාරෙ සයිස් එකට ලොකු කරගන්න ඒ වගේ මෝඩ මොලේකට පුළුවන්.
ඉතින් මෝඩ කමයි ශ්‍රද්ධාවයි එකතු කරගෙන තේජාන්ගෙ කොලුලෝලීකමට වැඳගෙන මාත් ඉන්නවා. මේවා කොහෙන් කෙලවරවෙයිද කියලා දෙයියො තියා මේ මහා බ්‍රහ්මයා වගේ ඉන්න මමවත් දන්නෑ."අඩෝ, කොල්ලො නැගිටපං බං.
අම්මා බත් උයලා, උණුවෙන්ම කන්න කිව්වා."
ඔන්න කියද්දිම ආවා මගේ බෘංග රාජයා.තද නින්දක හිටියා වගේ පොඩ්ඩක් දඟලලා ඇස් ඇරියා මං. මේ ගල් හිතෙන් ආදරේ ගන්න වෙන්නෙ අර වලගම්බා රජ්ජුරුවොද කොහෙද වැලි මිරිකලා තෙල් ගත්තා වගේ තමා. කොහොමහරි ගානට මේකව හදලා ගන්න ඕන.
"ම්...හ්...
අනේ අයියෙ කන්න බෑ වගේ.
මං තව ටිකක් නිදාගන්නම්""එහෙම කියලා බෑනෙ බං.
ඔහොම ඉඳාංකො, මං මුණ හෝදගන්න වතුර එකක් ගෙන්න. එතකොට ඔය හෝන්දු මාන්දු ගතිය ඇරිලා යයි"
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?