දහතුන

3.3K 433 34
                                    

කොහොමහරි ගහෙන් වැටුනු මිනිහට ගොනත් ඇනලා, නිවිති පරිප්පුත් කන්න වුනා වගේ වැඩක් මටත් වුනේ.

ලෝක අමාරුවෙන් අර යක්සෝනව අල්ලගෙන බයික් එකේ ගියේ මං. ඌ නිකං මගේ අවසන් හුස්ම වාතලයට යන්න ඔන්න මෙන්න කියලා හිතාගෙනද මන්දා ගියේ. කොටිම්ම කෙලිම්ම මාව මෝචරියෙන් අතාරියිද කියලා බයකුත් මට තිබුනා. ඒ ගිය වේගෙට මොකක හරි වැදුනා නම් කොහොමත් තනි නැතුව දෙන්නටම මෝචරියට සෙට් වෙන්න තිබුනා. මේ දවස්වල රස්නෙ හැටියට මෝචරියෙ අයිස් කාමරෙත් නරකම නෑ හැබැයි.

කොහොම වුනත් මගේ හීනෙ හැබෑ වුනේ නෑ. මිනිහා මාව බේත් දාන්න ඇදන් ගියේ. ගිය ගමන් දොස්තරයා කිව්වෙ මැහුම් දාන්න වෙනවා කියලා. මං ඉතින් බැලුවෙ හෙමීට පැනගන්න. මහසෝන් යකාගෙ කට වගේ නම් ඔන්න මැහුවත් කමක් නෑ. ඒ වගේද මං?
මේ ලස්සන ඇඟපත මැහුම් දාලා නාස්ති කරගන්න පුළුවන්ද?

මං හෙමීට වොශ් රූම් යනවා කියලා ගිහින්, එතනින මාරුවෙලා ත්‍රීවීලරේක යනවා කියලා හිතුවෙ. බොරුම නෙමේ ඇත්තටම චූ බරයි. මැහුම් දාද්දි චූ යන්න ඉඩ තියෙනවා කිව්වම මහසෝනත් එකඟ වුනා ටොයිලට වැඩේට.
මාත් හෙමීට වැඩේ කරගෙන එලියට ඇවිත් අනිත් පැත්තෙන් පාරට ගියා.
ඒත් ඉතින් අම්මා කිව්වෙ ඇත්ත. මට සෑහෙන්නම අපලයි. නැත්තම් හෙනහුරා එක්ක වසන්න වෙන්නෙ නෑනෙ. එකපාරටම මාව පොළවෙන් උඩට ඉස්සුනා. අර ෆිල්ම් වලවගේ පිටසක්වලයෙක්වත් ගිලින්න යනවද බැලුවට, නෑ. මහසෝනා!!!

"තමුසෙට පිස්සුද මිනිහො? බිමිං තියනවා මාව!!!
මෙහෙම මහපාරෙ මිනිස්සු පැහැරගෙන යතහැකිද?
මං යනවා පොලීසි!!!"
මං කෑගැහුවා.
වැඩක් නෑ. මූගෙ කන් දෙකේ මැටි පිරිලද කොහෙද!
දැඟලුවට වැඩකුත් නෑ.
බැරිම තැන ඇඟෙ හයිය ඔක්කොම දාලා ගැහුවා ඉතින්.
ඒත් කොහෙද,
අලිමස් කාලද, ගරාජ් එකේ යකඩ කෑලි ගිලලද මන්දන්නෑ ඒක පුදුම හයියක්.

මං කෑගද්දි බලෙම්ම මේ මිනිහා ආයෙම මාව ඉස්පිරිතාලෙට දක්කගෙන ගියා.
එහෙං ලැජ්ජාව. රෑ නිසා වැඩිය මිනිස්සු නැති වුනාට නැත්තෙම නෑ ඉතින්. අඳුරන එකෙක්වත් හිටියොත් මැරෙනකල් කතා අහගන්න වෙයි.
මං අත්දෙකෙම්ම මූණ වහගගෙන තඩියගෙ උරිස්සට ඔළුව ගහගත්තා. දැන් මං හිමාන් නෙමෙයි, මං අල ගෝනියක්!

කඩුපුල් (Complete)Where stories live. Discover now