හැට එක

2.3K 302 12
                                    

එදා ඉඳන් හැමදාකම හිමාන්ගෙ දවල් වරුව වෙන් වුනේ මට. මුලින් මුලින් අපි දෙන්නටම එක වචනයක් කතා කරගන්න බැරුව අඬපු එක විතරමයි කලේ.
අපිව දකින අනිත් මිනිස්සුන්ට මොනවා හිතුනද මං දන්නෙ නෑ. ඒත් කොළඹ වගේම අන්තිමේ මාතලේ අයිසීයූ එකෙත් අපේ ආදර කතාව හරිම ප්‍රසිද්ද වුනා.
හැමෝම අපි ගැන දුක් වුනා. හුඟ දෙනෙක් අපිට ආශිර්වාද කලා.
ඇත්තටම සමහර ඩොක්ටර්ස්ලා හිමාන්ගෙ අම්මා එක්ක පවා අපි ගැන කතා කලා.

ඒත් අම්මාගෙ හිතේ නම් අපේ සම්බන්දෙට කිසිම කැමැත්තක් ඇති වුනේ නෑ. ඒ ඩොක්ටර්ස්ලා කියන එක එවෙලෙට අහගෙන ඉන්න එයා පස්සෙ අපි හැමෝටම පලු යනකල් බැන්නා.
කොහොමත් ඒ වයසට අලුතෙන් මකලා හදලා ගත්තා වගේ හිතේ තියෙන දේවල් වෙනස් කරන්න බෑනෙ. ඒ නිසා හොඳම දේ ඔය ගැන නොහිත ඉන්න එක.

ඉතින් දෙයියො අපේ දිහා අන්තිම මොහොතෙදි හරි බලපු නිසාද, නැත්තම් මගෙ කොල්ලගෙ හිතේ හයිය නිසාද මන්දා ඒකාට ටිකෙන් ටික ටිකෙන් ටික හොඳ වෙන්න පටන් ගත්තා. වෙච්ච දේවල් එක්ක බලනකොට ඒක නම් ප්‍රාතිහාර්යක්ම තමයි.

පිලිකාවක් හැදිලා,
ඒකට ලෝකෙ තියෙන දරුණුම ගනයෙ බෙහෙතක් සති ගානක් විදගත්තු මනුස්සයෙක්,
ගුටි කාලා ගුටි කාලා,
ඇඟ පුරාම හැදුන තුවාල ගනන් කරගන්න බැරි ගානක් එක්ක,
සිහිය නැතුව ඇල පාරක් දිගේ ගහගෙන ඇවිත්
කොහොම හරි පණ බේරගත්තා කියන එක ඇත්තටම කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැරි තරමේ පුදුමයක්.

ඒත් ඒක මට පුදුමයක් නෙමෙයි.
මං දන්නවා, අපේ ආදරේ අපේ ශක්තිය මිසක් අපේ දුර්වලකම නෙමෙයි. කට්ට කරුවල අමාවක රෑක වුනත් මගේ කඩුපුල් මල සුවඳ දිදී මට පාර කියයි. අපේ ආදරේ පහන් තරුවක් වගේ ජීවිතේට එලිය බෙදයි.

ඉතින් දවසින් දවස ටිකෙන් ටික, අපේ අපල දුරු වේගෙන ගියේ හිමාන්ව අයිසීයූ එකෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන්න පුළුවන් වෙද්දි. සති ගානකට පස්සෙ මට මගේ කොල්ලා ලඟට ගිහින් හිතේ හැටියට ඌව බලාගන්න ඉඩ ලැබුනා. බදාගෙන තුරුල් කරගන්න බැරි වුනත්, අතින් අල්ලගෙන ඒ ඇඟිලි පරිස්සමට ඉඹින්න පුළුවන් වුනා. තාමත් හිමාන් සාමාන්‍ය තත්වෙටම පත් වෙලා නොහිටිය නිසා පරිස්සම වැදගත් වුනත් කලින් තරම්ම තත්වෙ භයානක වුනෙත් නෑ. ඩෙටෝල් සබන් ගාගෙන පැය ගනන් නාලා, හෑන්ඩ් සැනිටයිසර් බෝතල් පිටින් හලාගෙන හරි මට ඒකගෙ ලඟ තුරුල් වෙන්න පුළුවන් දවස් ඉක්මනටම ආවා.
මට ජීවිතේ දැනෙන එකම තැන.
ඒ මගෙ කොලු පැටියගෙ හුස්ම වැටෙන තැන. උගෙ සුවඳ මං විඳින තැන.

කඩුපුල් (Complete)Where stories live. Discover now