දෙයියනේ මගෙ කොල්ලා!
මං බයික් එක රේස් කලේ පිස්සුවෙන් වගේ.ඇයි රත්තරනේ උඹට පරිස්සම් වෙන්න බැරි. උඹ මේ තරමටම හිතුවක්කාර ඇයි? මොනා දේ කරලා හරි උඹව රකින්න බලා ඉද්දි හැමදාමත් ඔය විදියට මාව රිද්දන්නෙ ඇයි?
මං අඬන වැලපෙන කොල්ලෙක් නෙමෙයි. හෙන ගැහුවත් දරාගෙන මට ඕන දේ කරන කොල්ලෙක්. රිදෙනවා, කඩා වැටෙනවා කියන දේවල් මගේ ජීවිතේ නෑ. මට එහෙම දේවල් ලොකුවට දැනෙන්නෙත් නෑ. හොඳින් හරි නරකින් හරි මට ඕන දේවල් කරන්න මං දෙපාරක් හිතන්නෙත් නෑ.
ඒත් අද!
අද ඉන්නෙ මං අවුරුදු තිස් එකක් තිස්සෙ දැනගෙන හිටිය තේජාන් නෙමෙයි. අද ඉන්නෙ, ඇස් වලින් කොයිවෙලේ කඳුලක් වැටෙයිද කියලා හිතාගන්න බැරුව, තොල් හපාගෙන වේගෙන් ඇහිපිය ගහන තේජාන් කෙනෙක්. පණ පිටින් ඉද්දිම ඇඟ ඇතුලට අත දාලා පපුව මිරිකගෙන එලියට ඇදල ගන්න හදනවා වගේ වේදනාවක් දරාගෙන ඉන්න තේජාන් කෙනෙක්.මං හිතක් පපුවක් නැති රාක්ශයෙක් නෙමෙයි. මට ආදරේ කරන, මාව වටින අයට මං සලකන්නෙ පණ වගේ. මං එයාලා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. හැබැයි අරයා නැතුව මට ජීවත් වෙන්න බෑ. මෙයා නැතුව මට හුස්ම ගන්න බෑ. එයා මගේ පණ. ඔය වගේ දේවල් මට නෑ. මට පුළුවන් දේවල් මං කලා. මගේ හැටියට ජීවත් වුනා. මාත් එක්ක ඉන්න අය හිටියාවෙ, ඉන්න බැරි අය ගියාවෙ. ඕක තමයි මගේ මොටෝ එක. එතනින් එහාට කිසිම දෙයක් මට අදාල නෑ.
ඒත් අනේ මන්දා, එක හුරතල් බෝල ඇස් දෙකක් මට මාවම නැති කලා. දැක්ක දවසෙ ඉඳන්ම පිස්සු වැට්ටුවා. මුලින් මුලින් මේක ඇති වෙලා නැතිවෙලා යන සාමාන්‍ය හැඟීමක් කියලා හිත හදාගන්න බැලුවට, ඒක එහෙම කරන්න ලේසි වුනේ නැත්තෙ, අපි දෙන්නව එකට මුණ ගස්සන විදියෙම වැඩ එක දිගටම සිද්ද වෙද්දි.
හැමදේකටම වඩා මට දරන්න අමාරු වුනේ, ඒ හුරතල් ඇස් දෙකත් මගේ පස්සෙම දැවටෙද්දි!
රෑ හීන වලින් දැකලා, උදේට අමතක කරලා දාන උණුහුමක් මට හැබෑවටම දෙද්දි.මගේ ජීවිතේ සංකීර්ණයි. කොහොමත් සරල ජීවිතේකට මං ආස නෑ. මට ඕනෙ මට වැදගත් කියලා හිතෙන දේවල් කොහොමහරි කරන්න. ඒකට කොයි තරම් කැප වෙන්න ඕනෙද, ඒ නිසා සමාජෙන් මාව නරක මිනිහෙක් විදියට හංවඩු ගැහෙයිද, අනිත් මිනිස්සු මගෙන් ඈත් වෙයිද, ඒවා මට අදාලම නෑ. ඒ නිසාම මගේ වටේ ඉන්න හුඟක් මිනිස්සු මං හොඳින් ඉන්නවට කැමතිත් නෑ. මට ඒකෙ ප්‍රශ්නයක් මෙච්චර කාලයක් තිබිලත් නෑ.
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?