තිස් තුන

2.9K 407 18
                                    

මේක හීනයක් නම් මාව මේ හීනෙන් ඇහැරෙන්න එපා දෙයියනේ!
හැමදාම මාව මේ හීනෙම තියන්න. ඒ වෙනුවෙන් මට මැරෙන්න වුනත් කමක් නෑ!

ඒ රැවුල් කොට මූණ පුරා ඇනෙද්දි මාරම කිතියි. එහෙන් බඩ හීනියට රිදීගෙන කකුල් දෙක අස්සෙන් හිරි වැටීගෙන යනවා. මට තේරෙන්නෙ නෑ මං මොකද්ද කරන්න ඕන කියලා. ඇත්තටම මට හුස්ම ගන්නත් බයයි. ඒ වගේ පුංචිම පුංචි වෙනසකින්වත් මේ හීනෙ ඉවර වුනොත්!

ඒත් මේ හීනෙ ඇතුලෙ ඉන්නෙ මං විතරක් නෙමෙයි කියලා මට අමතක වුනානෙ. හීනෙ ඇතුලෙ ඉන්නෙ ඕනම කෙනෙකුට හීනෙ ඉවර කරන්න බලයක් තියෙනවා. මට විතරක් නෙමෙයි.

තේජාන් එක පාරටම මාව ඈත් කලා. මං බලාගෙන ඉද්දිම එයාගෙ ඇස් වෙනස් වුනා. කලින් තිබුන කලබල වුනු, ආදරේ වෑහෙන ඇස් වෙනුවට, අයිස් වගේ සීතලකින් ඒ ඇස් බැඳුනා. හරියට කඩතුරාවක් දැම්මා වගේ. මට තවත් ඒවා කියවන්න බෑ.
ඒත් ඒකට කමක් නෑ. මට කියවන්න පුළුවන් වුනත් බැරි වුනත්, ඒ තේජාන්ගෙ ඇස්. මගේ සතුට ලියවිලා තියෙන ඇස්. මේ ඇස් දෙකේ එක පුංචි දිස්නයක් වෙනුවෙන් මට මැරෙන්න වගේම මරන්න වුනත් පුළුවන් කියලා මට හරියටම තේරුනේ අද, මේ මොහොතෙදි.

'චටාස්'

'අහ්'

"තමුසෙ කොහෙද යකෝ මකබෑවුනේ? පාරවල් ගානෙ රස්තියාදු ගහන්නයි, නොදන්න ගුබ්බෑයම් අස්සෙ රිංගන්නයි තමුසෙට මෝල් අමාරුව තද වෙලාද හු##?"

මේ මිනිහට මං මහසෝනා කියන්නෙ කට කහනවට නෙමේ කියලා තේරෙනවනෙ ඉතින්. අම්මෝ මගෙ කනත් එක්ක කීං ගානවා වැදිච්ච කම්මුල් පාරට. ඇඟට පණත් නැතුව බල්ලෙක් වගේ හති දාගෙන මූව හොයාගෙන ආවනෙ මාත්!
පිස්සු හු##!

"තෝ ආයෙ ගෙයින් අඩියක් එලියට තිබ්බොත් බලාගෙනයි හිමාන්! තොගෙ කකුල් දෙකම කඩලා තමයි මං නවතින්නෙ!"

යැයි යැයි තමයි. ඊට පස්සෙ බලාගන්නවද දන්නෑ මාව මං කලා වගේ අතට පයට කරලා දීලා!

"මොකද හු## තෝ රවන්නෙ?"

ඇත්තටම මේ මිනිහට මානසික අසනීපයක් කියලා හිතෙන්නෙ නැද්ද ඔයාලට? මේ විනාඩියකට කලින් රත්තරං කිව්ව එකා නේද මේ? නැත්තම් මගේ කන් දෙකේ දෝසයක්ද?
මානසික අසනීපෙ තියෙන්නෙ මටද?

කඩුපුල් (Complete)Where stories live. Discover now