විසි හත

2.9K 407 14
                                    


"මොකද්ද පුතා මේ කෑගැහිල්ල?"
ඇන්ටිත් දුවගෙන ආවෙ සද්දෙටද කොහෙද.

"අම්මේ, අම්මා ගිහින් අම්මගෙ වැඩක් බලාගන්න. මේක මෙයාගෙයි මගෙයි කතාවක්"
මේ මිනිහා ඇන්ටිටත් කෑගැහුවා. ඇන්ටිත් ඉතින් කිව්ව ගමන් ගියා. මූට පොඩි කාලෙ ඉඳන් ඕන ඕන විදියට නටන්න දීලා තමයි මේ සේරම!
ඇත්තමයි මේකගෙ කනට දෙකක් දෙන්න හැටියක් නෑනෙ මට.

හැලිච්ච බත් ටිකයි, කැඩිච්ච පිඟන් කෑලි ටිකයි එහෙම්ම තියලා මාත් එන්න ආවා. ඇයි යකෝ, මේ මොන මගුලක්ද?
ඒකගෙ උදව්වට කෑම ටිකත් ලඟට ගෙනල්ල දීලා කවන්නත් හැදුවම, එනව මෙතන කුණුහරප කියවන්න.
අපරාදෙ ඕකගෙ කකුල් දෙක කඩලා මදි. දත් ටිකත් ගලවලා දාන්න තිබුනෙ ඇදගෙන ගිය එවුන්ට.
හිකනලා!

"හිමා.....න්!
තමුසෙට යන්න කිව්වෙ නෑ මං.
තමුසෙගෙයි මගෙයි කතාව තාම ඉවර නෑ. මෙහෙ වරෙන්!"
ඔන්න ඒ පාර ආයෙම බෙරිහන් දෙනවා. මේකා නම් මොන නැකතකින් ඉපදිච්ච මූසලයෙක්ද මන්දා.
මං ඇහෙන්නෑ වගේ ආවා එන්න.
මේ වගේ මානසික ලෙඩ්ඩු එක්ක මොනා කතා කරන්නද?

ඇන්ටිත් බයවෙලා ඇති කියලා මං කෙලිම්ම ගියේ කුස්සියට.
"මොකද පුතා වුනේ?
ඔයා අපේ පුතාට තරහ යන දෙයක් කලාද?"
ඔන්න ඉතින් මාව දැක්ක හැටියෙ අහපු ප්‍රශ්නෙ.
උණහපුලුවාටත් උගේ පැටියා මැණිකක් කියන්නෙ මේක වෙන්නැති. ඇයි යකෝ මේ උදව්වට ආපු මංද දැන් අම්මලා පුතාලා සේරටම වැරදි.

"මං කරපු දෙයක් නෑ ඇන්ටි.
කෑම කන්න කියන්න ඇහැරෙව්වා. එච්චරයි."

"හ්ම්.. අපේ ඒකාට කිසි ඉවසීමක් නෑනෙ පුතේ. පුතා ඕවා ගනන් ගන්න එපා. තව ටිකකින් ආයෙම බත් එකක් බෙදලා දෙමු."

අනේ! මගෙ බල්ලවත් දෙන්නෑ ආයෙ නම් ඔය මහසෝනට බත්. ඕන නම් ඇන්ටිටම දීගන්න කියනවා. බඩගින්නෙ මලත් මං නම් ඇහැක් ඇරලා බලන්නෑ නෑ නෑමයි.
අලි පු#!

මං කෑම කාලා ගේ අස් කරලා දාලා මිදුලට ගියා. ගෙදර අයිතිකාරයො කැමති විදියට ප්‍රශ්න විසඳගත්තාවෙ. අම්මා කිව්වා හරි. මට පිස්සු මේ මලහෝන්තු අස්සෙ රිංගන්න.
හෙටම මං ගෙදර යනවා.

රෑ වෙලා ගෙට එද්දි කාගෙවත් සද්දයක් නෑ. හැමෝම නිදි වගේ. මාත් දොර ලොක් කරගෙන කාමරේට ගියා.
අර නසරානියා ආයෙම නිදි. ඔව් ඉතින් ඒකට මොකද, බලු කතා අහ අහ අතට පයට සේරම කරලා දෙන්න ඉන්නවනෙ පරිවාර සේනාව.
කෑවද දන්නෑ රෑට.
අනේ මට මොකෝ මොනා වුනත්, කන්න බැරි නම් බඩගින්නෙ නිදාගන්නැතෑ.
බෙඩ්ශීට් එක ඔළුවෙ ඉඳන්ම පෙරවගෙන මං නිදාගත්තා.

කඩුපුල් (Complete)Où les histoires vivent. Découvrez maintenant