දොලහ

3.2K 458 17
                                    

"මොකද්ද බං උඹ උදව් කරනවා කියලා ඇවිත් හිටගෙන නිදිද?"

"අහ්?"
මං ගැස්සුනේ එයා කතා කරද්දි.
ඇත්තනෙ මං ආවෙ මොකටද මෙතෙන්ට. ඒත්... ඒත්....
දැන් නම් මට එයාට උදව් කරන්න පුළුවන් කමක් නෑ වගේ. මට විශ්වාසෙන්ම කියන්න පුළුවන් ඔය ගෝස් කෑල්ල ගැටගහන්න ගියොත් මගේ ඇඟිලි ටික වෙවුලන්න අරන් මං මහා විහිළුවක් වෙයි කියලා.

එයා ලඟ ඉන්න එක කොහොමටත් හොඳ නැහැ.
මං නැගිට්ටා.

"අපෝ අයියෙ මොකද්ද ඕයි තමුසෙගෙ ගඳ? බෙහෙත් දාන්න කලින් ගිහින් නාගෙන එනවා.
අපේ ලිඳට උගුඩුවෙක් වැටිලා මැරිලා ඉද්දිවත් තිබුන්නෑ මෙහෙම ගඳක්"
මං සුපුරුදු විදියටම මිනිහව නෝන්ඩි කලේ මගේ කටහඬේ වෙනස නම් දැනෙන්න එපා කියලා.

"තමුසෙට බැරි නම් ඉන්නවා ඕයි. මං මේක කරගන්නම්.
මොකෝ තමුසෙ මාව ඉඹින එකක්යැ? මං කොහොම හිටියම තමුසෙට මොකෝ?"

"අනේ මෙහ්! ඉඹින්නම වැඩේනෙ. කරවල කෑල්ලක් ඉඹිනවා හොඳයි ඊට.
තමුසෙ නාගන්නැත්තම් මං යනවා සාලෙට. පුටුව උඩ නිදියන එක හොඳයි මේ ගඳ ඉවසන් ඉන්නවට වඩා"
මං කොට්ටෙත් අරන් යන්න හැදුවෙ. ඇත්තටම මට මෙතන ඉන්න බෑ අප්පා!

"ඉන්නවා පොඩි ප#යා!
තමුසෙ නිකං නෙලුම් මලෙන් ඉපදිලා ඇත්තෙ නේ? සමයං"
එහෙම කියාගෙන මිනිහා ගියා හැබැයි. දැන් මහ රෑ නාලා මේකට හෙට වෙද්දි උණ හැදෙයිද දන්නෙත් නෑ.

අන්තිමේ ඔන්නොහේ කාමරේම ඉන්න මං හිතාගත්තා. යන්න හේතුවක් හදාගන්නත් බෑනෙ.
තමුසෙට පිස්සු හිමාන්!
ටිකක් සිහියට එනවා!! එවෙලේ නිදිමත කැඩුනු නිසා එහෙම අමුතුවට වගේ දැනෙන්නැත්තෙ.
මං පුළුවන් තරම් හිත සංසුන් කරගන්න බැලුවා.

අන්තිමේ මිනිහා ආවම හුස්ම තද කරගෙන අමාරුවෙන් බැන්ඩේජ් එකත් තුවාලෙ වටේ එතුවා. නැත්තම් හරි නෑනෙ ඉතින්.

"හ්ම්... හහ්"
දන්නෙම නැතුව අල්ගෙන හිටපු හුස්ම එලියට පැන්නෙ මගේ ඇඳ ලඟට ආවම.

"මොකෝ බං උඹට අසනීපයක්ද හූල්ලන්නෙ?"

අයියෝ! මල ලැජ්ජාවයි අප්පා.

"නෑ අයියෙ මේ නහයට මොකද්ද ගියා වගේ ඒකයි. මදුරුවෙක්ද කොහෙද?"

එදා රෑ මට හරියට නින්ද ගියෙත් නෑ.
ඉතින් ඊට පස්සෙ මං පරිස්සම් වුනා. තේජාන් ලඟදි මට එහෙම වෙනවට මං කැමති නෑ. ඒක අමුතුයි. නිකං හරියට ලැජ්ජාවක්ද බයක්ද ආසාවක්ද කියලා හිතාගන්න බැරි හැඟිමක්.
ඒ නිසාම පුළුවන් තරම් එයාව මගාරින්න පුරුදු වුනා.
මොකද එදා එයාගෙ ලඟින් ආපු සුවඳ ඊට පස්සෙ එයාව දකින හැමවාරෙකම මට මතක් වුනා. ඉතින් මගේ පපුව පිස්සු නටන්න ගත්තා. මට ඇත්තටම එකම කාමරේ ඉන්න බෑම හිතුනා.

කඩුපුල් (Complete)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin