හතලිස් එක

4.3K 478 42
                                    

ඊලඟ දවසෙ උදේම මට ඇහැරුනේ ඉස්පිරිතාලෙ කෑම ට්‍රොලියෙ සද්දෙට. මගෙ අම්මෝ ඒ සද්දෙට නම් ඇත්තටම මැරිච්ච මිනිස්සුත් ඇහැරෙයි. මෝචරිය පැත්තෙන් යන්න එපා කියන්න ඕන. ඕකෙ ඔය රෝද අස්සට තෙල් ටිකක් දාගන්න බැරි හැටියක් ඇත්තට මේ මිනිස්සුන්ට!

ඇස් දෙක අරින්න තියෙන කම්මැලිකමටම මං ආයෙම කොට්ටෙ අස්සට මූණ ඔබා ගත්තා. ලෙඩෙක් වෙලත් නෑනෙ අප්පා හිතේ හැටියට දවල් වෙනකල් නිදාගන්න. බරස් බරස් සද්දෙ අහගෙනම මං ඔහේ කල්පනා කරන්න පටන් ගත්තා ඉතින්. සුපුරුදු පරිදි මුලිම්ම මතක් වුනේ තේජාන්ව. එයා හොඳින් ඇති නේද? මාව බලන්න එක සැරයක්වත් එයිද?

ඒත්, පොඩ්ඩක් ඉන්න.
ඊයෙ, ඊයෙ එයා ආවා නේද?
එකපාරටම අකුණක් ගැහුවා වගේ මං ඊයෙ නටපු නාඩගම මට මතක් වුනේ. අම්මා!!
අම්මව තේජාන් එහේ තියාගන්නම් කිව්වනෙ. එයා උදේට එන්නම් කියලත් කිව්වා.
දෙයියනේ! ඔව්,
එයා උදේ එන්නම් කිව්වා!!!

මට දැනුනෙ නිකං සූර පප්පගෙ මැජික් අරිශ්ටෙ බිව්වා වගේ. ඒක බීලා දිව්‍ය ලෝකෙටත් ගියා වගේ.
තේජාන් මාව බලන්න අද එනවා කිව්වා!!!
මං ඇඳෙන් බිමට පැන්නෙ මූණ හෝදගෙන එන්න යන්න. ආ... මට ඇඳෙන් බහින්න පුළුවන්නෙ දැන්!නිදාගත්තට පස්සෙ කවුරුහරි අර රෙදි පටි ටික ගලවලා දාලා වගේ. සේලයින් බෝතලෙත් ගලවලා දාලා.
යේ! යේ!!!
දත් බුරුසුවත් උස්සං මං දිව්වා බාතෲම් තියෙන පැත්තට.

ඉතින් දත් මැදලා මූණයි ඇඟයි ඔක්කොම හෝදලා අලුත් ඇඳුමකුත් ඇඳගෙන මං ආයෙම ඇඳට නැග්ගා. ආයෙ නිදාගන්න බෑ. හපුට්ටා වගේ පෙනෙයි තේජාන් එද්දි. අයියෝ! ඊයෙ මං කොහොම හිටියද මන්දා. ලේත් පෙරාගෙන, මස් වැද්දෙක් ලඟට ආවා වගේ එයාට හිතුනද දන්නෑ.
ඒත් ඉතින් එවෙලෙ මට කරන්න දෙයක් තිබුන්නෑනෙ.

කුණුහරපත් කිව්වනෙ දෙයියනේ, මේ ඉස්පිරිතාලයක් මැද්දෙ. තේජාන්ටත් ඇහෙන්නැති. මං ගැන මොනවා හිතන්නැද්ද එයා! ඇත්තටම එවෙලෙ මට මොකක් වුනාද මන්දා. දැන් නම් වටේ පිටේ කාටවත් මූණ දෙන්න බෑ වගේ. මං බෙඩ් ශීට් එකත් හප හප බිම බලාගෙනම හිටියා.

ටිකකින් ආවෙ මේල් නර්ස් කෙනෙක්, බෙහෙත් පෙති ටිකක් එක්ක.

"මොකෝ මල්ලි ඊයෙ වුනේ?" පෙති ටික මගේ අතට දෙන ගමන් ඒ යකා අහනවා. ලැජ්ජාව බාල්දියෙන් එකයි ඉතින්.

කඩුපුල් (Complete)Where stories live. Discover now